පිරමීඩ යෝජනා ගැන මහ බැංකුවට හෝ පොලීසියට කියන්න
ආදායම් ඉපැයීම සඳහා පිරමීඩාකාර යෝජනා ක්‍රමයක් පවත්වාගෙන යමින් එම යෝජනා ක්‍රමය ප්‍රවර්ධනය කරනු ලබන පුද්ගලික සමාගමක් පිළිබඳව පොලිස්පතිවරයා වෙත ලැබූනු නිර්නාමික පැමිණිල්ලක් අනුව විමර්ශන සිදුකළ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය 2025.10.23 වන දින සැකකරුවන් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
රත්මලාන, පන්නිපිටිය, ගල්නෑව, හෝකන්දර, පේරාදෙනිය හා කොළඹ 04 ප්‍රදේශවල පදිංචිකරුවන් වන ඔවුන් අවුරුදු 40 ත් 64 ත් අතර වයසේ පසුවන්නන්ය. මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය තවදුරටත් විමර්ශන ක්‍රියාත්මකයි.
"පුද්ගලයන් බඳවා ගැනීම මත ප්රතිලාභ ලැබෙන හෝ සහභාගී වන්නන්ගේ දායක මුදල් ඉහළ දැමීම මත ප්රතිලාභ ලබා දෙන යෝජනා ක්‍රමයක් “පිරමීඩ යෝජනා ක්‍රමයක් වේ.
එවැනි යෝජනා ක්‍රම ඉදිරිපත් කිරීම, ප්‍රවර්ධනය කිරීම, ප්‍රචාරණය කිරීම, මූල්‍යකරණය කිරීම හෝ මෙහෙයවීම වැනි ඕනෑම ආකාරයකින් එයට පහසුකම් සපයන පුද්ගලයින් දඩ මුදල් සහ සිරගත කිරීම් ඇතුළු නීතිමය දඬුවම් වලට යටත් වේ.
මෙවැනි ව්‍යාපාරයක් පිළිබඳව තොරතුරක් වේ නම් ළඟම ඇති පොලිස් ස්ථානයට හෝ ශ්‍රී ලංකා මහ බැංකුව වෙත දැනුම් දීමට කටයුතු කරන්න
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

