පිරමීඩ ජාවාරමක ආයෝජනය කළ උපකාරක පංති ගුරුවරයාගේ සිරුර බොල්ගොඩ ජලාශයේ
පිරමීඩ ජාවාරමට මුදල් ආයෝජනය කර සිටී බව කියන උපකාරක පන්ති පංති ගුරුවරයෙකු ගේ මළසිරුරක් බොල්ගොඩ ජලාශයේ පාවෙමින් තිබියදී අද (14) හමුවූ බව පානදුර උතුර පොලිසිය පවසයි .
මියගොස් ඇති පුද්ගලයා පානදුර කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටී 24 හැව්රිදි මුතුතන්ත්‍රිගේ නිපුන් නවෝද් ප්‍රනාන්දු යන අයට බවට පවුලේ සාමාජිකයින් හදුනාගෙන ඇති බවද පොලිසිය කීය.
පානදුර කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිළධාරීන් සහ මහේස්ත්‍රාත් පරීක්ෂණයද සිදුකරන ලදී.
මියගොස් ඇති තැනැත්තා කොළඹ මරදාන ප්‍රදේශයේ පෞද්ගලික උපකාරක පංති ගුරුවරයෙක් ලෙසින් කටයුතු කරන බවත්, පීරමීඩ ජාවාරමකට මුදල් ආයෝජනය කර සිත් තැවුලෙන් සිට ඇති බවටද තොරතුරු ලැබී ඇතැයිද පොලිසිය කීය.
මියගොස් ඇති තැනැත්තා අතුරුදන්ව ඇති බවට මොරටුව පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇති බවද සදහන් වේ.
ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සංජීව ලක්මාල් මහතාගේ උපදෙස් පරිදි පොලිස් පරීක්ෂක ඒ ඩී මෙන්ඩිස් මහතාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ පවත්වති .
පොතුපිටිය සුමිත් ප්‍රේමතිලක සහ පානදුර සමන් කාරියවසම්
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
