දේවාලේගම පොලිස් වසමේ බටුවත්ත ප්රදේශයේදී පුද්ගලයෙකු විසින් ඊයේ (19දා) රාත්රී ඔහුගේ බිරිඳට හා පුතාට පහරදී පුත්රයා ඝාතනය කර ඇති බවත්, බිරිඳ තුවාල ලබා කෑගල්ල රෝහලට ඇතුලත් කර ඇති බවටත් දේවාලේගම පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ ඇත.
මරණකරු වයස අවුරුදු 35 ක් වූ බටුවත්ත, හැලමඩ ප්රදේශයේ පදිංචිකරුවෙකි.
පවුල් ආරවුලක් හේතුවෙන් පොල්ලකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවට දැනට සිදුකර ඇති බවට විමර්ශනයේදී අනාවරණය වී ඇත.
මෘත ශරීරය සම්බන්ධයෙන් මහේස්ත්රාත් පරීක්ෂණ සිදුකිරීමට නියමිත අතර දේවාලේගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.