ගම්පහ, අස්ගිරි වල්පොළ ප්රදේශයේදී යතුරු පැදියක් හා බවුසර් රථයක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් පියෙකු හා දිියණියක ජීවිතක්ෂයට පත්ව තිබේ.
ගම්පහ උග්ගල්බොඩ ප්රදේශයේ පදිංචිව සිටි අවුරුදු 06ක් වයසැති දැරියක් සහ 42 හැවිරිදි ඇයගේ පියා මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්ව තිබේ.
යතුරු පැදිය සහ බවුසර් රථය මුහුණට මුහුණ ගැටී මෙම අනතුර සිදුව තිබේ. යතුරුපැදිකරුගේ හා බවුසර් රථයේ රියදුරුගේ අපරීක්ෂාකාරී හා නොසැලකිලිමත් රිය ධාවනය අනතුරට හේතු වී තිබේ.