නුවරඑලිය පිදුරුතලාගල රක්ෂිතයට ඇතුලු වී අවසරයෙන් කදවුරු බැද නතර වී සිටි තරුණ තරුණියන් 26 දෙනෙකු නුවරඑලිය අඩවි වන කාර්යාලයේ නිළධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර (25) දින එම සැකකරුවන් නුවරඑලිය මහේස්ත්රාත් ලංකාගනී ප්රබුද්ධිකා මෙනවිය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව එම සැකකරුවන් අධිකරණය හමුවේ වරද පිලිගත් නිසා එම සැකකරුවන්ට දඩුවම් ලබා දීමට ඔක්තොම්බර් (16) වන දින දක්වා කල් තැබීමට මහේස්ත්රාත්වරිය නියෝග කලහ.
සැකකරුවන් අවසරයකින් තොරව ඉකුත් (07) වන දින පිදුරුතලාගල රක්ෂිතයේ කැරයන් යන ප්රදේශයට ඇතුලු වී කදවුරු බැද කදවුරු අවට ගිනි මැළ දලවා සිටින බවට නුවරඑලිය අඩවි වන කාර්යාලයේ නිළධාරින්ට ලද තොරතුරක් මත වැටීමක් සිදු කර සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර තිබුනි.
අවුරුදු 25 -30 අතර වයස් කාණ්ඩවල පසුවන සැකකරුවන් 26 දෙනා අතර තරුණියන් දෙදෙනෙකුද සිටින බවත්, එම සැකකරුවන් ගාල්ල, පානදුර, කුරුණෑගල ඇතුලු දිවයිනේ ප්රදේශ රැසක පිරිසක් බවත්, එම පිරිස මුහුණු පොත හරහා හදුනා ගත් පිරිසත් බවයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.