පාස්කු ප්‍රහාරය හා කොවිඩ් 19 වෛරසය හේතුවෙන් දැඩි බලපෑමකට ලක්වූ සංචාරක ව්‍යාපාරය මේ වන විට ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් පවතී.
ඒ අනුව මේ වසරේ තෙවැනි වතාවටත් මාර්තු මාසයේදී සංචාරක පැමිණීම ලක්ෂයේ සීමාව ඉක්මවා ගොස් තිබේ.
මාර්තු මාසයේදී සංචාරකයන් 125 495ක් පැමිණ ඇති අතර ඒ අනුව ජනවාරි, පෙබරවාරි හා මාර්තු මාස වලදී සංචාරක පැමිණීය ලක්ෂයේ සීමාව ඉක්මවා ගියේය.
ජනවාරි මාසයේදී සංචාරකයන් 102 545ක්, පෙබරවාරි මාසයේදී සංචාරකයන් 107 639ක් මෙසේ දිවයිනට පැමිණියේය.
මුල් මාස තුළ පැමිණි සම්පූර්ණ සංචාරකයන් සං“ඛ්‍යාව 335 679කි. 2022 වසරේදී ශ්‍රී ලංකාවට පැමිණි සමස්ත සංචාරකයන් සංඛ්‍යාව 719 978කි. මාර්තු මස 11 වැනිදා සංචාරකයන් 5 846ක් පැමිණ ඇති අතර එය මාර්තු මාසයේ එක් දිනක් තුළ ශ්‍රී ලංකාවට පැමිණි වැඩිම සංචාරකයන් සංඛ්‍යාව වෙයි.