ලංකා පිගන් සංස්ථාව රුපියල් හැටහතර කෝටියකට අධික අලාභයක් ඉකුත් වර්ෂය අවසන්වනවිට (2024) ලබා ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති වාර්තාවක සදහන් වේ.
2024 වර්ෂය අවසන්වනවිට පිගන් සංස්ථාව ලබා ඇති අලාභය රුපියල් හැටහතරකෝටි,පනස්දෙලක්ෂ,විසිඑක්දහස් හයසියපනස්තුනකි. (645,221,653) 2024 වර්ෂය තුල දි පමණක් පිගන් සංස්ථාව විසින් ලබා ඇති ශුද්ධ අලාභය රුපියල් පන්කෝටි, හතලිස්දෙලක්ෂ, එක්දහස්පන්සිය අසුතුනකි (54,201,583) .
පිගන් සංස්ථාවේ වත්කම් ඉක්මවු වගකිමක් පවතින බැවින් සංස්ථාවේ අඛණ්ඩ පැවැත්ම අවදානම් තත්ත්වයක පවතින බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.