පෑලියගොඩ මත්ස්‍ය වෙළද සංකීර්ණය නව කළමනාකාර භාරයක් පත්කරන බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.
ලංකාවේ විශාලතම මත්ස්‍ය වෙළද සංකීර්ණයක් වන පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළද සංකීර්ණයේ කටයුතු නිරීක්ෂණය කිරීම සදහා අමාත්‍යවරයා ඊයේ එහි සංචාරයක නිරත වෙමින් මේ බව පැවැසිය.
අමාත්‍යවරයා වෙළද සංකිර්ණයේ තොග හා සිල්ලර වෙළදාම් සිදු කරන ස්ථාන ඇතුලුව මුළු වෙළද සංකීර්ණය පුරාම ඇවිදිමින් දැනට එහි පවතින අඩුපාඩු පිළිබදව නිරික්ෂණය කළේය. මෙහිදි මත්ස්‍ය වෙළද සංකිර්ණයේ පිරිසිදු කිරීම් කටයුතු පිළිබදව අවධානය යොමුකළ අමාත්‍යවරයා මත්ස්‍ය අළෙවියෙන් පසු පිරිසුදු කිරීම් කටයුතු ක්‍රමවත්ම සිදුකරන ලෙස කළමනාකාර භාරයට උපදෙස් ලබාදුන් අතර අපිරිසිදු තාවය තුළ පාරිභෝගික ජනතාවට සෞඛ්‍ය ආරක්ෂිතව මත්ස්‍ය මිළදි ගැනීමට නොහැකි තත්වයක් උදාවන බවද අමාත්‍යවරයා පෙන්වා දෙන ලදි.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා තමන් වෙළද සංකීර්ණය නිරික්ෂණය කිරීමට පැමිණේන විට පමණක් පිරිසිදු කිරීම් නොකළ යුතු අතර දින පතා පිරිසිදු කර සෞඛ්‍ය ආරක්ෂිතව මත්ස්‍ය අළෙවියට පියවර ගත යුතුව ඇති බවත් ඒ තුලින් සමස්ථ දේශයේම පාරිභෝගික ජනතාවට සෞඛ්‍ය ආරක්ෂිතව මත්ස්‍ය පරිභෝඡනය කළ හැකි බවද පැවසීය.
තවද කඩිනමින් මෙම වෙළද සංකිර්ණයේ කටයුතු නව කළමනාකාරභාරයට පත්කිරීම සදහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට ද තමන් බලාපොරොත්තු වන බවත්, තවද රථගාලයේ පවතින අඩුපාඩු කඩිනමින් සම්පූර්ණ කිරිමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත්, අයිස් නිෂ්පාදනාගාරය ආදියේ අඩුපාඩු සම්පූර්ණ කිරීමට පියවර ගන්නා ලෙස ද කළමනාකාර භාරයට වැඩිදුරටත් උපදෙස් ලබා දුන්නේය.
