වයස අවුරුදු 11 ක බාල වයස්කාර පිරිමි දරුවෙකු හට ලිංගික අතවරයක් සිදු කල චීවරධාරියෙකු අත්අඩංගුවට ගැනීම සඳහා ඊයේ (24දා) විමර්ශනයක් ආරම්භ කල බව අනුරාධපුර මූලස්ථාන පොලීසිය පවසයි.
තම දරුවා මහණ වීම සඳහා කැමැත්තක් දැක්වූ නිසා සහ එම හිමිනම විසින් දරුවා පැවිදි කර වීමට කැමති දැයි කියා විමසූ නිසාත්, තම දරුවා පැවිදි කර වීමට තම නිවස අසල විහාරස්ථානයේ හිමි නමට ඉකුත් (23 දා) බාරදි භාර දී තිබූ බව පොලිසිය කියයි.
ඊයේ (24 දා) පන්සලේ තිබූ දුරකථනයකින් නිවසට ඇමතුමක් ලබා ගෙන ඇති එම දරුවා හඬා වැලපෙමින් තමන් නිවසට යළි රැගෙන යන ලෙසට මවට පවසා ඇතැයි පොලීසිය සඳහන් කළේය.
පසුව අදාළ දරුවාගේ නැඟණියන් දෙදෙනා පන්සලට ගොස් දරුවා නිවසට යලි රැගෙන විත් තිබූ අතර එහිදී සැකකාර චීවරධාරියා සිදු කල කරදර දරුවා විසින් මවට පැවසීමෙන් අනතුරුව මෙම පැමිණිල්ල සිදු කර ඇති බව පොලිසිය කියයි.
සිද්ධියට සම්බන්ධ වෙන සැකකාර චීවරධාරියා අත්අඩංගුවට ගැනීම සඳහා අනුරාධපුර මූලස්ථාන පොලීසියේ නිලධාරීන් පිරිසක් වැඩිදුර විමර්ශන සිදු කරති.