පැවැදිවීමට ගෙන ආ දරුවා දිවි නසාගෙන
ගල්කිරියාගම පොලිස් වසමේ නෑගම්පහ, වම්බටුවැව ප්‍රදේශයේ ආරණ්‍ය සේනාසනයකට පැවිදි වීම සඳහා රැගෙනා දොලොස් හැවිරිදි දරුවෙකු එම ආරණ්‍ය සේනාසනයේ ධර්ම ශාලාවේ ගෙල වැලලා ගෙන ජීවිතක්ෂයට පත්ව ඇති බව ගල්කිරියාගම පොලිසිය පවසයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, පල්ලේ, ආරව, වැලි වත්තේගම, රිල්පොල බදුල්ල ලිපිනයේ පදිංචිව සිටි දිසානායක මුදියන්සේලාගේ මියුර අප්සර දිසානායක නමැති 12 හැවිරිදි දරුවෙකි.
ගෙල වැලලා ගැනීමෙන් අනතුරුව සිහිසුන් වූ එම දරුවා අඬියාගල රෝහල වෙත ඇතුලත් කර ඇති අතර ඒ වන විටත් ජීවිතක්ෂයට පත්ව සිටි බව රෝහල් ප්‍රකාශකයකු පැවසීය.
එම මෘත දේහය සම්බන්ධයෙන් පරීක්ෂණය සිදු කිරීමෙන් අනතුරුව , මරණයට නිශ්චිත හේතුව දැන ගැනීම සඳහා පශ්චාත් මරණ පරීක්ෂණය (9දා) සිදු කිරීමට නියමිතව තිබුණි.
සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිරියාගම පොලිසියේ ස්ථානාධිපති රුමල් රත්නායක මහතාගේ උපදෙස් මත නිලධාරීහු කණ්ඩායමක් වැඩි දුර විමර්ශන සිදු කරති.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

