පැමිණීමේ හා පිටවීමේ කඩ්පත මාර්ගගතව සම්පූර්ණ කිරීමට අවස්ථාව
2023 ජනවාරි 01 දින සිට ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයින් සහ ශ්‍රී ලංකාවෙන් පිටත්ව යන ශ්‍රී ලාංකිකයන් විසින් පුරවනු ලබන පැමිණීමේ හා පිටවීමේ කාඩ්පත (Arrival and Departure Card) මාර්ගගත ක්‍රමයට සම්පූර්ණ කිරීමට අවශ්‍ය පහසුකම් සැලසේ.
ඒ අනුව ගුවන් මගීන්ට ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ www.immigration.gov.lk නිල වෙබ් අඩවියට පිවිස හෝ https://eservices.immigration.gov.lk වෙබ් පිටුව ඔස්සේ තමා ගුවන් ගතවීමට නියමිත දිනට දින තුනකට පෙර සිට මෙම කාඩ්පත පිරවීමට පහසුකම් සපයා ඇත.
ගුවන්තොටුපලේදී ඇතිවන අපහසුතාවයන් මඟහරවා ගෙන ආගමන හෝ විගමන කටයුතු පහසුවෙන් සිදුකිරීමට මගීන්ට අවශ්‍ය පහසුකම් සැලසීමේ අරමුණින් මෙම පියවර ගත් බව ආගමන හා විගමන දෙපාර්තමේන්තු පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා පවසයි.
popular news
-
Kumar Thursday, 29 December 2022 04:18 PM
mona card eka gahuwwath sahanayak labenney naha.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

