ගාල්ල කරාපිටිය රෝහල ආසන්නයේ ඉදිකරගෙන යනු ලබන සිව්මහල් ගොඩනැගිල්ලක පිටුපස පැතිබැම්මක් ඉදිකිරිම සඳහා කාණුවක් කපා එහි කමිබි කුරු අතුරමින් සිටි පුද්ගලයින් සිව් දෙනෙකු පස් කණ්ඩියකට යටවිමෙන් එක් අයෙකු එම ස්ථානයේදිම මියගොස් ඇති අතර තවත් තිදෙනෙකු බරපතල තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත්කර ඇති බව කරාපිටිය රෝහල් පොලීසිය සදහන් කරයි.
ඊයේ (09දා) පස්වරුවේ දි සිදුවූ මෙම සිද්ධියේ දී පස් කණ්ඩියට යටවිමෙන් මියගොස් ඇත්තේ පිටදුව ගමගේ ප්‍රසංග සංජිව (35) නැමති ඉමදුව වල්පොල ප්‍ර දේශයේ පදිංචි විවාහකයෙකි.
පස් කණ්ඩියට යටවිමෙන් බරපතල තුවාල ලැබු තවත් පුද්ගලයෙකු දැඩි අසාධ්‍ය තත්තවයෙන් යුතුව කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රථිකාර ලබයි. අනික් පුද්ගලයින් දෙදෙනාගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි. තුවාල ලැබුවන්ද ඉමදුව වල්පොළ ප්‍රදේශයේ පදිංචිකරුවන් වෙති.
කඩා වැටිමට ලක්ව ඇති පස් කණ්ඩියේ දිග අඩි 40ක් පමණ වන අතර උස අඩි 10ක් පමණ වන බව පොලිසිය පවසයි. අනතුරට ලක්වු පුද්ගලයින් විසින් මෙම කදුගැටයට මායිම්වන සේ ආරක්ෂිත පැති බැම්මක් ඉදිකිරිම සදහා අඩි තුනක පමණ කාණුවක් කපා තිබේ.
ඉන්පසු මෙම සේවකයින් විසින් මෙම කාණුව මත කම්බිකූරු අතුරමින් සිටියදි එකවරම පස් කණ්ඩියේ කොටසක් කඩා වැටි ඇත. එයට කාණුවේ කම්බි බදිමින් සිටි සේවකයින් දෙදෙනෙකු යටවි ඇත. ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙකු සම්පුරණයෙන්ම පස් කණ්ඩියට යටවි ඇත.
අනික් පුද්ගලයාගේ ගෙල පෙනෙන තෙක් පස්වලට යටවි ඇත. ඒ සමගම පස් කණ්ඩියේ අනික් කොටසද කඩා වැටිමෙන් සේවකයින් දෙදෙනෙකු අනතුරට ලක්ව ඇති අතර ඔවුන් දෙදෙනා දිවගොස් දිවි බේරාගෙන ඇත.
විනාඩි 45ක පමණ මෙහෙයුමකින් පසුව පස් කන්දට සම්පුර්ණයෙන්ම යටවි සිටි පුද්ගලයාගේ සිරුරු සොයාගෙන ඇත. බැකෝ යන්ත්‍රයක් මගින් පස් ඉවත්කොට මොහුගේ සිරුර සොයාගෙන ඇත.
මෙම සිද්ධියවන අවස්ථාවේ මෙම වැඩබිමේ සේවකයින් 06 දෙනෙකු පමණ වැඩකරමින් සිට ඇත. පස් කණ්ඩිය කඩා වැටිමෙන් සිව් දෙනෙකු අනතුරට ලක්ව ඇති අතර මියගිය පුද්ගලයාගේ හදිසි මරණ පරික්ෂණය අද (10) ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දි පැවැත්විමට නියමිතව තිබුණි.
මෙම ආරක්ෂිත පැති බැම්ම ඉදිකිරිම සදහා කොන්ත්‍රාත්තුව ලබාගත් කොන්ත්‍රාත්කරු ද මෙම සිද්ධියෙන් පසු සිහිසුන්ව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ 58 වාට්ටුවට ඇතුලත්කොට තිබුණි. ඔහු මෙම සිද්ධියෙන් පසු මානසිකව ආතතියට ලක්ව ඇති බව පොලිසිය පවසයි.
