පැති හතරේ වේලාවන් හතරක් ඇති නුවරඑළිය ඔරලෝසු කණුව
දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් දිවයිනේ පුංචි එංගලන්තය ලෙසින් හැදින්වෙන නුවරඑලිය නගර මධ්‍යයේ ස්ථාපනය කර ඇති හෝරා ස්ථම්භයේ පැති හතරක වේලාවන් හතරක් දර්ශනය විම හේතුවෙන් නුවරඑලිය නගරයට පැමිණෙන සංචාරකයන් මෙන්ම පාරිභෝගිකයන්ද දැඩි අසිරුතාවයට පත් වි ඇත.
නුවරඑලිය සිංහ සමාජයට වසර 50 ක් සපිරිම නිමිත්තෙන් 2019 වසරේ එම සමාජයේ පුර්ණ අනුග්‍රහය මත එම හෝරා ස්ථම්භය ඉදි කර එහි නඩත්තු කටයුතු නුවරඑලිය මහ නගර සභාව වෙත ලබාදි ඇත.
සිංහ සියවස් හෝරා ස්ථම්භය නමින් නම් කර ඇති එම හෝරා ස්ථම්භය ස්ථාපනය කල දින සිටම වරින් වර තාක්ෂණික දෝෂ වලට ලක් වන බවත්, හෝරා ස්ථම්භයේ පැති හතරේ වේලාවන් නිවැරදි සටහන් නොවුනද විනාඩි 10 න් 10 ට එම හෝරා ස්ථම්භයේ සිනුව නාද විමෙන් නගරයේ සංචාරය කරන සංචාරකයන්ට , පාරිභෝගිකයන්ට සහ ව්‍යාපාරිකයන්ද දැඩි අපහසුතාවයට පත් වි ඇත.
නුවරඑලිය නගර මධ්‍යයේ ඉතා අලංකාරව සිත් ගන්නා සුළු ආකාරයෙන් ස්ථාපනය කර ඇති හෝරා ස්ථම්භයේ පැති හතරේ වේලාව නිවැරදි ආකාරයට දර්ශනය කිරිමට අවහ්‍ය පියවර ගන්නා ලෙස නුවරඑලිය නගරයට පැමිණෙන සංචාරකයන් , ව්‍යාපරිකයන් සහ පාරිභෝගිකයන් මහ නගර සභාවෙන් ඉල්ලා සිටියි.


popular news
-
Kumar Wednesday, 26 October 2022 04:05 PM
punchi engalanthaya kiwwata oya seruwa Norway paththey darshanayak wageyi. aneka kiyann thibenney oya horawa kiyana wachanay labila thibenney pruthugrisi karyingen. ema wachanay "hora" kiyal liwwata shabda karanney "ora" kiyala.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
