දවුලගල, යාලේගොඩ ප්ර දේශයේදී නිවසක් ආසන්නයේ තිබූ පැති බැම්මක් නිවසක් මතට කඩා වැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයෙක් මිය ගොස් තිබේ.
මෙම පැති බැම්ම කඩා වැටීමෙන් නිවස තුළ සිටි පුද්ගලයෙකු බරපතල තුවාල සහිතව පේරා දෙණිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඊයේ ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 39ක් වන යාලේගොඩ, හන්දෙස්ස පදිංචිකරුවෙකි.