පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ලවී වසර 03ක් පිරීම නිමිත්තෙන් මිය ගිය පුද්ගලයන් සිහි කරමින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඇතුලු පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් අද (21දා) පාර්ලිමේන්තුවේදී විනාඩි දෙකක නිශ්ෂබ්දතාවය රැකීමට කටයුතු කළහ.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් මෙම ඉල්ලීම කළ අතර, පසුව ඒ සඳහා කථානායකවරයාගේ අවසරය හිමිවිය.
කෙසේ වෙතත් පාර්ලිමේන්තුව ආරම්භයේදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා විසින් විනාඩි දෙකක නිශ්ෂබ්දතාවයක් රැකීමට අවස්ථාව ඉල්ලා සිටියද ඒ සඳහා වන යෝජනාව තමන්ට ක්‍රියාත්මක කිරීමට නොහැකි බව පාර්ලිමේන්තුවෙන් දන්වා තිබෙන බව කථානායකවරයා පැවසීය.
මේ අතර පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ලවී වසර 03ක් පිරැණු අද දිනයේදී විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුලු සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට කළු ඇඳුමින් සැරසී පැමිණීමට කටයුතු කර තිබුණේය.