පාස්කු ප්‍රහාරය දා සහ 9දා ආරක්ෂක කටයුතු ගැටළු සහගතයි
පාස්කු ප්‍රහාරයේදී මෙන්ම මැයි 9 දා හා ජූලි 9 දා ඇතිවූ සිද්ධීන් මාලාවතුළදී ආරක්ෂක අංශ කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් ගැටළු තිබෙන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද (19දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.
එමෙන්ම මේ වනවිට මැතිවරණයට නාමයෝජනා දුන් අපේක්ෂිකාවක්ද ඝාතනය කර ඇති බව කී අමාත්‍යවරයා මැතිවරණ සමයේදී එවැනි සිද්ධීන් ඇති නොවීමට නම් ආරක්ෂක අංශ තදින් කටයුතු කළ යුතු බවද කීවේය.
අමාත්‍යවරයා මෙසේද පැවසීය.
පාස්කු ප්‍රහාරය මෙන්ම මැයි 9 හා ජූලි 9 වැනිදා සිද්ධීන් මාලාව තුළ ආරක්ෂක අංශ කටයුතු කළ ආකාරය පිළිබඳව ගැටළුවක් තියෙනවා. ඒ ගැන පෙත්සමක් ඉදිරිපත් කරලත් තියෙනවා. ඒ වගේම අරගලයට සම්බන්ධ විත්තිකරුවන් දෙදෙනෙකු අධිකරණයට ඉදිරිපත් කළාම ඔවුන්ට මහේස්ත්‍රාත්වරිය රුපියල් දහදාහක් මුදලින් දීල තියෙනවා. ඒ අයට සස්ට්ජන් අරන් දෙන්න කියල. ඒක ඊයේ ප්රවෘත්තිවල ගියා. ඒ බව පොලිස් නිළධාරීන් දිවුරුම් ප්‍රකාශයකින් දීල තියෙන බවත් ප්රවෘත්තිවල කිව්වා. මේ වගේ දේවල් වුණාම අධිකරණයත් හෑල්ලුවට පත් වෙනවා. අරගලය කාලේ අධිකරණය අත්පුඩි ගැහැව්වා.
ඒ වගේම පත්තරේ තියෙනව මිනුවන්ගොඩ ඡන්ද අපේක්ෂිකාව ඝාතනය කර ගෙටත් ගිනි තියල කියල. මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නාමයෝජනා දීපු අපේක්ෂිකාවක්. නීතිය හා සාමයට ඇතිවුණ තර්ජනයත් එක්ක ආරක්ෂක අංශ මීට වඩා තදින් කටයුතු කරන්න ඕන. නැත්නම් මැතිවරණ කාලෙදි ඉදිරියටත් මෙවැනි දේවල් වෙන්න පුළුවන්.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

