පාස්කු කොමිෂමේ ජාතික ආරක්ෂාවට වැදගත් කරුණු කිහිපයක් හැරෙන්නට සෙසු සියලු කරුණු පාර්ලිමේන්තුවට හා ජනතාවට ලබාදී ඇති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවැසීය.
පාස්කු ප්‍රහාරයේ විමර්ශන සම්බන්ධයෙන් ජනපති හෝ රජය කිසිවිටකත් බලපෑම් නොකරන බවත් ඔහු පැවැසීය. ජාතික ආරක්ෂාවට අදාළ සුළු තොරතුරු ප්‍රමාණය ජනතාවට ලබා නොදුන්නත් ඒවා නීතිපති දෙපාර්තමේන්තුව වෙත ලබාදී ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.