පාසලේ කොන්ක්‍රිට් බැම්මක් කඩා වැටී එක වසරේ සිසුවිය මරුට පහකට තුවාල
ග්‍රෑන්ඩ්පාස් වෙහෙරගොඩ කනිෂ්ඨ විද්‍යාලයේ ජල නල සවිකර තිබූ අඩි 6 ක් දිගින් යුත් කොන්ක්‍රීට් බැම්ම පෙරළීමෙන් එක් සිසුවියක් මියගොස් තවත් පස් දෙනෙකු තුවාල ලැබූ බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි
මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ එම විද්‍යාලයේ එක වසරේ ඉගෙනුම ලබමින් සිටි වැල්ලම්පිටිය වෙහෙර ගොඩ පදිංචිව සිටි ශෙහාන්ශා නෙත්සරනි (6) නැමැති දැරියයි.
මියගිය දැරිය ඇතුළු සිසු දරු දැරියන් පිරිසක් පාසල් විවේක කාලයේදී ජලය පානය කිරීම සඳහා විද්‍යාලයේ විවෘත ස්ථානයක ස්ථාපිත කර තිබෙන ජල කරාම සවිකර තිබිණ කොන්ක්‍රීට් බැම්ම අසල රැස්ව සිටියදී එක වරම එම සිසුන් මතට බැම්ම පෙරළී ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත
එම අනතුරෙන් මියගිය දැරිය ඇතුළු සිසු සිසුවියන් හය දෙනකු තුවාල ලැබූ අතර ඒ අතර සිසුන් සිව්දෙනකු වන බව පොලිසිය කියයි. ඔවුන් සියලු දෙනාම පළමු ශ්‍රේණියේ වයස අවුරුදු 6 යේ දරුවන් බව පොලිසිය කියයි.
තුවාල ලැබූවන් 5දෙනකු ජාතික රෝහල වෙත හා එක් අයකු ළමා රෝහල වෙත ඇතුළත් කර ඇත. මියගිය දැරිය ජාතික රෝහල වෙත ඇතුළත් කර සිටියදී මියගොස් ගොස් ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
