පාසල් ළමුන් ප්‍රවාහනය කරන බස් සහ වෑන් රථ සඳහා අද ප.ව 3.00 සිට දිවයින පුරා පිහිටි සියලු ලංගම ඩිපෝ මගින් ඉන්ධන සපයා ගැනීමට අවස්ථාව සලසන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට උපදෙස් දුන්නේය.
ඉන්ධන බෙදා හැරිම සම්බන්ධයෙන් අග්‍රාමාතය කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදි ඔහු මේ බව පැවැසීය. එළැඹෙන සඳුදා සිට දිවයින පුරා පාසල් ආරම්භ කිරීමේදී පාසල් ළමුන් සඳහා අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සැලසීම පිළිබඳ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා ජනාධිපතිවරයාගේ අවධානය යොමුකළ අතර එය විසඳුම් ලෙස ජනපතිවරයා මෙසේ ප්‍රවාහන අමාත්‍යවරයාට අදාළ උපදෙස් දුන්නේය.