තරුණ පාසැල් සිසුවෙකුගේ නිරුවත් දර්ශන ලබාගැනීමට තැත්කල බවට සැකපිට සීදුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පැමිණ වූ දේවගැතිවරයෙකු මෙම මස 28 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මිගමුව වැඩ බලන මහේස්ත්රාත් නෙල්සන් කුමාරනායක මහතා 23 දින නියෝග කළේය.
සීදූව ලියනගේමුල්ල පිහිටි මෙතෝදිස්ත දේවස්ථා නයේ ප්රධාන දේවගැති ජෙරම් වන්නිය බණ්ඩාර දේවගැතිවරයාව මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබිය.
මෙම දේවස්ථානයේ බැතිමතෙකු වන 15හැවරදී පාසැල් සිසුවෙකුට නිරුවත්ව වට්ස්ඇප් මගින් විඩියෝ ඇමතුම් ලබා ගන්නා ලෙසට දේවගැතිවරයා කිහිප අවස්ථාවකදීම ඉල්ලීම් කල බවට සිදුව පොලිසියට ලද පැමිණිල්ලක් සම්බන්ධව සිදුකල විමර්ශන වලින් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුණුවා තිබිණි.
මිගමුව බර්ටි වීරසිංහ