පාසල් වෑන් රථයක් දුම්රියක ගැටෙයි
මුහුදු බඩ දුම්රිය මාර්ගයේ බලපිටිය පාතේගම්ගොඩ ,ගිනිගල්ගොඩ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේදී අද (24දා) දුම්රියක පාසල් වෑන් රථයක් ගැටී පාසල් වෑන් රථයේ ඉදිරිපස මුලුමනින්ම විනාශවි ගොස් ඇතැයි අහුන්ගල්ල පොලීසිය පවසයි.
මෙම අනතුරින් එහි ගමන් ගත් පාසල් සිසුන් තිදෙනා ,රියදුරු හා ඔහුගේ භාර්යාව ඇතුලු පස්දෙනාගේ ජීවිත බේරී ඇත්තේ පෙර පිනකින් බවද පොලිසිය කියයි.
අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගය සදහා ආලෝක සංඥා පද්ධතියක් ඇතත් එය කාලයක සිටම අක්රිය තත්වයේ පවතින බවද ආලෝක සංඥා පද්ධතිය ඉටි කොලයකින් වසා දමා ඇති අතර එය ක්රියාවිරහිතව ඇති බවට දැන්වීමක්ද දමා තිබෙන බවද පොලීසිය කියයි.
බලපිටිය පාතේගම පදේශයේ පාසල් වෑන් රථයක් මෙම අනතුරට ලක්වී ඇති බවද අනතුරින් රියදුරුට පමණක් සුලු තුවාල සිදුවි ඇති බව පොලීසිය පැවසීය.
පාතේගම සිට බලපිටිය රේවත විදුහලට යන සිසුන් තිදෙනෙක් රැගත් මේ වෑන් රථය ගාලු පාරට පැමිණීම සදහා ගිනිගල්ගොඩ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයෙන් දැමීමත් සමගම එය ගාල්ලේ සිට ගල්කිස්ස බලා ධාවනය වෙමින් තිබු දුම්රියක ගැටී තිබේ.
අනතුරින් සුලු තුවාල ලැබූ රියදුරු බලපිටිය පාතෙගම්ගොඩ පදිංචි විශ්රාමික හමුදා සෙබලෙකු වේ.
අහුන්ගල්ල පොලීසියේ රථවාහන අංශය මේ පිළිබදව වැඩිදුර පරික්ෂණ පවත්වයි.
කරන්දෙණිය එම්.සුසිල් පියන්ත /අම්බලන්ගොඩ විශේෂ යසස් පි මෙන්ඩිස්

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

