නියමිත කාලයට මුද්‍රණ කඩදාසි නොලැබුණහොත් පෙළ පොත් මුද්‍රණය අඩාල විය හැකි බව රජයේ මුද්‍රණාලාධිපති ගංගානි කල්පනා ලියනගේ සඳහන් කරයි.
පාසල් පෙල පොත් ලබන මස මුද්‍රණය ආරම්භ කිරීමට නියමිත අතර කඩදාසි මිල 28% කින් ඉහළ යාම නිසා පෙළ පොත් මුද්‍රණය සඳහා යොදාගන්නා විශේෂිත මුද්‍රණ කඩදාසි සොයා ගැනීම අභියෝගයක්වී ඇතැයිද ඇය සඳහන් කරයි.
සැපයුම්කරුවන් විසින් කඩදාසි මිල ඉහල දැමීමට සිදුවන බව පැවසීමත් සමග මහ භාණ්ඩාගාරය සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට කටයුතු යොදන බවත් රජයේ මූලික ලියකියවිලි මුද්‍රණය කිරීමේ කටයුතු සාමාන්‍ය පරිදි කරගෙන යන අතර ඒ සඳහා මුද්‍රණ කඩදාසි සංචිතයක් පවත්වාගෙන යන බවද ඇය වැඩිදුරටත් සඳහන් කරයි.