පාසල් ආරම්භ කරන දිනයේ මේ දක්වා වෙනසක් සිදුකර නොමැති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. පාසල් නිවාඩු කාලයෙන් අනතුරුව නැවත පාසල් ආරම්භ කිරීමට තිබුණේ දෙසැ 8 දා වුවත් පසුව බලපෑ අයහපත් කාලගුණය හේතුවෙන් එම දිනය දෙසැම්බර් 16 දා තෙක් කල්දැමුණි. දෙසැම්බර් 16දා පාසල් නැවත ආරම්භ කරන දිනයේ වෙනසක් නොමැති බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.