පාසල් ආපන ශාලාවකින් මත් ද්‍රව්‍ය හමුවෙයි
මල්වතුහිරිපිටිය ප්‍රදේශයට නුදුරු මහ විදුහලක ආපන ශාලාවක් තුල තිබී මත් කරල් සහ මත් පැකට් කිහිපයක් සමග එම ආපනශාලාව පවත්වා ගෙන යන 42 හැවිරිදි කාන්තාවක්, අත් අඩංගුවට ගනු ලැබූ බව මල්වතුහිරිපිටිය පොලීසිය සදහන් කරයි.
පොලීසියට ලද තොරතුරක් මත අද (5දා) පාසල් ආපන ශාලාව පරීක්ෂාවට ලක් කිරීමේදී මත් වර්ගයක කරල් 38 ක් සහ අයිස් වර්ගයේ මත් පැකට් 5 තිබු බව පොලීසිය පවසයි.
මෙම පාසලෙහි සිසු සිසුවියන් 400 ක් පමණ ඉගෙනුම ලබන බවත් අත් අඩංගුවට ගෙන ඇති කාන්තාව මල්වතුහිරිපිටිය ප්‍රදේශයේ පදිංචි දෙදරු මවක් වන බවත් මාස තුන හමාරක පමණ කාලයක සිට ආපන ශාලාව පවත්වාගෙන ගොස් ඇති බව අනාවරණයවී ඇති බවත් පොලීසිය සදහන් කරයි.
විදුහල් ආපන ශාලාවක මෙලෙස මත් ද්‍රව්‍ය තිබීම සම්බන්ධයෙන් අදාල විදුහල අයත් කැලණිය කලාප අධ්‍යාපන කාර්යාලය මගින්ද පරීක්ෂණයක් සිදු කිරීමට පියවර ගන්නා බව කළ විමසුමකට පිළිතුරු දෙමින් එහි ප්රකාශිකාවක් සදහන් කළාය.
ගම්පහ තිලකරත්න දිසානායක
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
