රජයේ පාලන මිලට වඩා වැඩි මිලට බිත්තර අලෙවි කල වෙලෙදුන් 06 දෙනෙකු (28) දින නුවරඑලිය දිස්ත්රික් පාරිභෝගික සේවා අධිකාරි කාර්යාලය මගින් හැටන් මහෙස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව සැකකරුවන් වරද පිලිගත් නිසා එක් සැකකරුවෙකුට රු ලක්ෂය බැගින් සැකකරුවන් 06 දෙනාට රු ලක්ෂ 06 ක දඩ මුදලක් ගෙවන ලෙසට හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්රාත් ෆරුක් ඩින් මහතා නියෝග කලහ.
රජයේ පාලන මිලට වඩා බිත්තර වැඩි මිලට වෙලෙදුන් අලෙවි කරන බවට නුවරඑලිය දිස්ත්රික් පාරිභෝගික සේවා අධිකාරි කාර්යාලය වෙත ලද පැමිණිලි කිහිපයක් මත හැටන් , බගවන්තලාව , නොර්වුඩ් , මස්කෙලිය , වටවල සහ ගිනිගත්හේන යන නගර වල උපාය දුතයන් උපයෝග කර ගනිමින් බිත්තර මිල දි ගෙන එම වෙලෙදුන් 06 දෙනා නිතියේ රැහනයට කොටු කර ගැනිමට හැකි වු බව නුවරඑලිය දිස්ත්රික් පාරිභෝගික සේවා අධිකාරි කාර්යාලයේ ස්ථානභාර නිලධාරි අමිල රත්නායක මහතා පැවසිය.