පාරිසරික සංචාරක උපාය මාර්ගික සැළැස්මක් සකස් කිරීම සඳහා විද්වත් කමිටුවක් පත් කිරීමට තීරණය කර තිබෙනවා.
පරිසරය ආශ්රිත සංචාරක ආකර්ෂණය ලබා ගත හැකි ස්ථාන රැසක් මෙරට තුළ පවතිනවා. එහෙත් පාරිසරික සංචාරක කර්මාන්තය විධිමත් පරිදි සංවර්ධනය වී නැහැ. පාරිසරික සංචාරක කර්මාන්තයට සංචාරකයින් ආකර්ෂණය කර ගැනීමේ අරමුණිනුයි පාරිසරික සංචාරක උපාය මාර්ගික සැළැස්මක් සකස් කිරීමට තීරණය කර ඇත්තේ. පරිසර සහ සංචාරක අමාත්‍යාංශ ඒකාබද්ධව ඒ සඳහා විද්වත් කමිටුවක් පත් කෙරෙනු ඇති. මේ සම්බන්ධ සාකච්ඡාවක් පරිසර අමාත්‍යාංශයේදී පැවැත්වුණා. ඒ පරිසර අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ සහ සංචාරක අමාත්‍යාංශයේ ලේකම් එස්.හෙට්ටිආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන්.