පාර්ලිමේන්තු මන්ත්රීවරයෙක් ලෙස පක්ෂ විපක්ෂ දෙකෙන්ම රටේ ප්රශ්න සඳහා විසඳුම් යෝජනා සාකච්ඡා නොකිරීම පිලිබඳව තමන් කණගාටු වන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී එස්.එම් මරික්කාර් පවසයි.
අද (06) පාර්ලිමේන්තුවේ පැවැති අදහස් දැක්වීමකදි ඔහු සඳහන් කරනුයේ රටේ මහජනතාවගේ ප්රශ්න පිලිබඳව සාකච්ඡා කිරීමකින් තොරව පොලිස් සහ හමුදා ආරක්ෂාවක් යොදවා පාර්ලිමේන්තුව පවත්වා ගනිමින් රටේ ජනතාවට විහිලු සපයන්නේ නම් තවදුරටත් මෙම පාර්ලිමේන්තුවට පැමිණිමෙන් ඵළක් නොවන බවයි.
&පාර්ලිමේන්තු මන්ත්රීවරයෙක් විදිහට මම කණගාටු වෙනවා මේ කතානායකවරයාත් ආණ්ඩු පක්ෂයත් ඒ වගේම පක්ෂ නායකයොත් සුමාන තුනක් තිස්සේ එකතු වෙලා මේ කරන්නේ මොකක්ද කියලා. රටේ ජනතාව විශේෂයෙන්ම තරුණයන්ගේ මතවාදයන්ට ඇහුම්කන් දෙන්නේ නැතිව ස්ථාවර නියෝග අත්හිටුවලා පාර්ලිමේන්තුව තුලට රටේ ජනතාව ඉල්ලන මේ විසඳුම් සාකච්චා කරලා ලබා දෙන විසඳුම් මොකක්ද කියලා කියනවා වෙනුවට දැන් සාම්ප්රදායික විදිහට වාග්ප්රහාර කරලා එයාට බැනලා මෙහාට බැනලා මේ මොකක්ද කරන්නේ කියන එක කියලා මට නම් තේරෙන්නේ නෑ.
ඒ නිසා තමයි දැන් ගෝඨාගෝ හෝම් කියන එක පටන් අරගෙන මයිනාගෝගමට ගිහිල්ලා දැන් හොරුගෝගමට ඇවිල්ලා තියනවා මේ තත්වය තුල තවදුරටත් බැරියර් දාගෙන, පොලිස් සහ හමුදා නිලධාරීන් දාගෙන පාර්ලිමේන්තුවක් ගෙනියන එක සතපහකට වැඩක් නැති වැඩක් ඒ නිසා මේ විදිහටනම් විහිලු සපයන්නේ තරුණයෝ ලක්ෂ ගණන් මේ පාර්ලිමේන්තුව ඇතුලට ලක්ෂ ගණන් ඇවිල්ලා මේ පාර්ලිමේන්තුව ගිණි තියලා දායි. එතකොට ඒකත් සමාජය පිලි ගනීවි.
ඒ නිසා අපි පැහැදිලිව කියන්න කැමතියි මෙතැන ජනතාව ඉල්ලන කීපයක් තියනවා ඒකේ ප්රමුඛතාවය අපි තාම අඳුරගෙන නෑ මේ ප්රශ්නය ආරම්භ වෙන්නේ ඇයි මේ ප්රශ්නය ආරම්භ වෙන්නේ මිනිස්සු ගෑස් පොලිම් වල, තෙල් පොලිම් වල ඉන්නවා කන්න සල්ලිත් නෑ, ඒ වගේම තුන් වේලක් කාපු මිනිස්සුන්ට දැන් දෙවේලක් කන්න වෙලා තියනවා, රෑට කළුවරේ ඉන්න වෙලා තියනවා ඉතිං ජනතාව ඉල්ලන්නේ මේකට විසඳුමක්.
දැන් ඇවිල්ලා මේක තමයි කරන්න ඕනේ කියලා අඩුම ගානේ ඒ කලයුතු යෝජනා පිලිබඳවත් මේ පක්ෂ විපක්ෂ දෙකෙන්ම සාකච්ඡා නොකිරීම ඇත්තටම කණගාටුයි මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා වැඩකුත් නෑ කියලා තමයි මටනම් හිතෙන්නේ.*