පාර්ලිමේන්තුව තුළ විදුලි බලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු සියල්ලන්ගේ අවධානයට යොමු කරන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය.
ඒ අනුව පාර්ලිමේන්තු සංකීර්ණය ඇතුලත අනවශ්‍ය විදුලි පහන් නිවාදමා එදිනෙදා වැඩකටයුතු කරන ලෙස කාරුණික අවධානයට යොමු කරන බව අද (09දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් හෙතෙම සඳහන් කළේය.
එමෙන්ම මෙම තත්ත්වය හේතුවෙන් පාර්ලිමේන්තුවේ භෝජනාගාර වල සහ සේවා සපයනු ලබන වෙනත් ආයතන වල විවිධ අපහසුතා හෝ ප්‍රමාදයන් ඇති වන්නේ නම් ඒවා අවබෝධ කරගනිමින් මෙම තත්ත්වයට මුහුණ දීමට සහයෝගය ලබා දෙනු ඇති බවට අපේක්ෂා කරන බවද කථානායකවරයා එහිදී පැවසීය.
