Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා
2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා
හිටපු අගමැති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා 2022 මැයි 18 වන දින ත්‍රිකුණාමලයේ සිට පාර්ලිමේන්තුවට පැමිණීම වෙනුවෙන් හා නැවත රැගෙනයාම වෙනුවෙන් ගුවන් හමුදාව මගින් ගුවන් ගමන් පහසුකම් සපයා ඇත්තේ වාණිජමය පදනම මත බව ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානය මගින් තොරතුරු දැනගැනීමේ පදනම මත ලබාගත් තොරතුරු මගින් අනාවරණය කර ගැනීමට හැකිවිය.
2022 මැයි මස 09 වන දින සිට රටතුල ඇතිවූ දැඩි අර්බුදකාරී තත්වය හමුවේ ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුර තුලට පිටව ගිය හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා පසුව 18 වැනිදා පැවති පාර්ලිමේන්තු සැසිවාරයට පැමිණීම වෙනුවෙන් ගුවන් හමුදාව මගින් ගුවන් පහසුකම් ලබාදීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඇතුළු මාධ්‍ය මගින් විවිධ විවේචන එල්ලවන්නට විය. විශේෂයෙන්ම පැවති ඉන්ධන අර්බුදය හමුවේ මේ ආකාරයෙන් හිටපු අගමැති වරයෙකුට ගුවනින් පැමිණීමට ගුවන් ගමන් සැපයීම ඉන් එල්ල වූ එක් චෝදනාවක් වේ.
මෙවන් පසුබිමක මේ සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම යටතේ තොරතුරු ඉල්ලා ගුවන් හමුදා මූලස්ථානය වෙත 2022.05.20 දින අයදුම්පතක් යොමුකළ අතර ඒ සදහා 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනතේ විධි විධාන පරිදි නියමිත දිනට තොරතුරු ලබාදීමට ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයට කටයුතු කිරීමට නොහැකිවි තිබේ.
කෙසේ නමුත් මාස තුනකට ආසන්න කාලයකදී 2022.අගෝස්තු මස 03 වන දිනැතිව අදාල පොදු අධිකාරිය මගින් ලබාදුන් තොරතුරුවලට අනුව හිටපු අගමැති මහින්ද රාජපක්ෂ එදින පාර්ලිමේන්තුවට පැමිණීමට භාවිත කර ඇත්තේ Y12 වර්ගයේ ගුවන් හමුදාවට අයත් ගුවන් යානාවක් වේ. නමුත් සමාජ මාධ්‍ය තුළ එම සිද්ධිය උකහා දක්වමින් පලකළ ඡායාරූප තුල දක්නට ලැබුනේ MI 17 වර්ගයේ ගුවන් යානාවක් වේ.මේ මගින් සනාථ වන්නේ සමාජ මාධ්‍යවල පළවූ ඡායාරූප හා තොරතුරු එතරම් සත්‍යතාවයක් නොමැති බවයි.
කෙසේ නමුත් මෙම ගුවන් ගමන වෙනුවෙන් එදින ඉන්ධන ලීටර් 875ක් හා ඒ වෙනුවෙන් රුපියල් 318500.00 ක් වැය කර තිබෙන බවද ගුවන් හමුදා මූලස්ථානයේ තොරතුරු මගින් අනාවරණය වේ. එමෙන්ම අනෙකුත් නඩත්තු වියදම් ලෙස රුපියල් 484005.86ක මුදලක් මෙන්ම ගුවන්යානා ගොඩබෑමේ ගාස්තු ලෙස රුපියල් 1100.00ක් ද ඒ අනුව එම ගුවන් ගමන වෙනුවෙන් සමස්ත වියදම ලෙස රුපියල් 803605ක් පිරිවැයක් යොදවා ඇති බවයි ගුවන් හමුදා මූලස්ථානයෙන් ලබාදුන් තොරතුරු මගින් සනාථ වන්නේ.
කෙසේ නමුත් එම වියදම් කවුරුන් විසින් ගෙවන ලද්දේ දැයි සිදුකළ විමසීමට පිළිතුරු දෙමින් පවසා ඇත්තේ ඒ වෙනුවෙන් හිටපු අගමැති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාගේ පුද්ගලික ලේකම් මගින් මුදල් සපයා ඇති බවයි. එම පහසුකම් ලබාදී ඇත්තේ මුදල් ගෙවීමේ පදනම මත වාණිජ ගුවන්ගමන් ලබාදීමේදී අනුගමනය කරනු ලබන ක්‍රියාපටිපාටියට අනුව බවද ගුවන් හමුදා මූලස්ථානය පෙන්වා දෙයි.
කෙසේනමුත් ගුවන් හමුදාව මගින් එම ගුවන් ගමන් පහසුකම් ලබාදීම වාණිජ පදනම මත සිදුකර ඇතත්එහිදී ගෙවන ලද ගුවන් ගමන් ගාස්තු ගෙවන ලද්දේ සැබවින්ම පුද්ගලික වියදමින්ද? නැතහොත් රජයේ යම් ආයතනයක් මගින් ද? යන්න තුල අපැහැදිලිතාවයක් පවතී.
එමෙන්ම මේ සම්බන්ධයෙන් වැඩිදුර කරුණු දැනගැනීම සඳහා හිටපු අගමැති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාගේ පුද්ගලික ලේකම් ලෙස කටයුතු කරනු ලබන රොහාන් වැලිවිට මහතාගෙන් සිදුකළ විමසිකමකදී ඔහු කියා සිටියේ “ මම ඒ සම්බන්ධයෙන් කිසිම දෙයක් දන්නේ නෑ ආපු විදියවත් මම දන්නේ නෑ, ආවයි කියන එක හැරෙන්න ගුවනින් ආවද බිමින් ආවද කියලවත් මම දන්නේ නෑ” එමෙන්ම පුද්ගලික ලේකම් ලෙස කෙනෙකු විශේෂයෙන් හිටියේ නැති බවත් පුද්ගලික ලේකම් ලෙස වැඩ බලන ලද්දේ රෝහිත රාජපක්ෂ මහතා බවද හෙතෙම කියා සිටියේය.
popular news
rocky Wednesday, 10 August 2022 10:08 AM
Mohu Ratata dariya nohaki Baraki !
Reply : 0 0
C.U. Friday, 12 August 2022 07:55 AM
අප රටේ සම්පත් අරපරිස්සමින් පරිහරණය කිරීමට උපරිම ලෙස දායකවිය හැකි සංස්කෘතියක් රටතුළ ඇතිකිරීමට පියවර ගත යුතු අතර නිතිය, නීතිය ක්‍රියාත්මක වීම,පුරවැසි සැමට සමානව සිදුවන ක්‍රමයකට යායුතුය.එමෙන්ම රටතුළ සංවර්ධන ප්‍රමුඛතා වලදී විදේශ සංචිත වැඩිවන අයුරින් සුදුකල යුතුවේ.උදා.විදුලි නිෂිපාදනයට සෝලා ජනක ප්‍රවර්ධනය කිරීම සහ සුලං බලය මගින් විදුලිය ජනන ව්‍යාපෘති, මුහුදු ජලය ව්‍යාපෘති මගින් විදුලිය නිපදවා අතිරිත්ත විදුලිය අපනයනය කල යුතුවේ. එමෙන්ම රටතුළ කෘෂි නිෂ්පාදනයට අවශ්‍ය යුරියා නිෂ්පාදනයට තෙල් පිරිපහදුව ආශ්රිත කම්හල් ඇතිකල යුතුයේ එසේම රටතුල නැවත ආයාත ආදේශන හා නිර්යාත ප්‍රවර්ධන කම්හල් නැවත ඇති කලයුතුවේ ළ එසේම අගය එකතුකල නිෂ්පාදන සියළු දේශීය නිස්පාදන තුලින් බිහිකල යුතුවේ අන්තිම එක රාජ්‍ය අංශයේ සියළු දූෂණ හා අක්‍රමිකතා අවසන්කලයුතුවේ එවිට අපේ දරුවන්ට රටක් ලැබේවි.
Reply : 0 0
sam Sunday, 14 August 2022 07:13 AM
මේ රට හුරං කාපු, සුනාමි ආධාර හොරාකාපු, රාජ්‍ය ධනය හොරාකාපු හොර මයින තවමත් රාජ්‍ය ධනය උගේ වගේ පාවිචි කරන්නෙ උගෙ අම්මගෙ අප්පගෙ බූදලේද. මේකට ඇයි මූව අත්අඩංගුවට ගන්නෙ නැත්තෙ. ලටකාවෙ කාලකණ්නි නීති ඔක්කොම ජනතාවට විතරද යකෝ.
Reply : 0 0
Jhon Monday, 15 August 2022 06:07 AM
Please love srilanka. Please save my country. Please change greedy politicians.....
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd