ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා විසින් වාරාවසාන කළ පාර්ලිමේන්තුව යළිත් උත්සවශ්රීයෙන් අද (03දා) පෙ.ව. 10.30ට විවෘත කිරීමට නියමිතව තිබේ.
ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් මෙසේ පාර්ලිමේන්තුව යළි විවෘත කරයි. මෙම උත්සවය ඉතාමත් චාම් උත්සවයක් ලෙස පැවැත්වීමට නියමිතය.
මේ අනුව ආචාර වෙඩි මුර, අශ්වාරෝහක රථ පෙළපාලි නොපැවැත්වෙන අතරම පාර්ලිමේන්තුවේ පැවැත්වීමට නියමිත තේ පැන් සංග්රහයද ඉතාමත් චාම් අයුරින් පැවැත්වෙයි. ඒ අනුව එය කෑම වර්ග කිහිපයකට පමණක් සීමා වෙනු ඇත.
ජනපතිවරයා ජනාධිපති කොඩියක් භාවිත නොකරන හෙයින් පාර්ලිමේන්තුව ආරම්භ කිරීමේ ජනාධිපති කොඩියක් එසවීමට කටයුතු නොකරයි.