කෝටි ගණන් වැය කරමින් පවත්වාගෙන යන පාර්ලිමේන්තු භෝජනාගාරය වහා වසා දමන ලෙස ඉල්ලා අද (20දා) පෙරවරුවේදී පිටිගල අමරගමදී ජනතාව උද්ඝෝෂණයක නිරත විය.
උන්ට රසවුලු අපිට කොස් වහු අපෙන් කෑවා දැන් හොඳටම ඇති කෑවට වැඩක් නෑ මොලේ අලේ යනාදී වශයෙන් විරෝධතා පුවරු ඔසවාගෙන ඔවුහු උද්ඝෝෂණය කළහ.
එමෙන්ම ඉහළ යන බඩු මිල නිසා තමන්ට කෑමට දෙයක් නැතැයි කියමින් හට්ටි මුට්ටි පොලොවේ ගැසීමටද ඔවුහු කටයුතු කළහ.
අඩුම තරමේ රටේ ජනජීවිතය යහපත් තත්ත්වයට පැමිණෙන තෙක්වත් පාර්ලිමේන්තුවේ භෝජනාගාරය වසා දමන ලෙසත් පාර්ලිමේන්තු සැසිවාරයට යන මැති ඇමතිවරුන්ට ආහාර නිවසින් රැගෙන යන ලෙසත් උද්ඝෝෂකයේ ඉල්ලා සිටියහ.

