පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් හෙට (11දා) පස්වරු 2.00ට පැවැත්වීමට නියමිතය. එහිදී කඩිනමින් පාර්ලිමේන්තුව රැස්කිරීම සහ පවතින අර්බුදකාරී තත්ත්වයන්ට පාර්ලිමේන්තුව තුළින් ගනු ලබන තීරණ ඇතුළු කරුණු කිහිපයක් සාකච්ඡා කිරීමට නියමිතව ඇත.
පසුගිය සතියේ පාර්ලිමේන්තුව 4,5,6 යන දිනවලදී රැස්වූ අතර, 06 වැනිදා පාර්ලිමේන්තුව අවසානයේ එළඹෙන 19 වැනිදා පෙරවරු 10.00 දක්වා පාර්ලිමේන්තුව කල් තබනු ලැබිණි.