දිවයිනේ දැනට පවතින අධික වියලි කාලගුණික තත්වය හේතුවෙන් ජල මූලාශ්‍රයන්හි සහ ප්‍රධාන ජලාශයන්හි ජල මට්ටම් පහල බැස ඇති අතර ජනතාවගේ ජල පරිභෝජනය ද ඉතා ඉහල මට්ටමක පවතී. මේ හේතුව නිසා පානීය ජල සැපයුම සීමාසහිත වන බැවින් මේ අවස්ථාවේදී ජලය අරපිරිමැස්මෙන් යුතුව පාවිච්චියට ගන්නා ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මහජනතාවගෙන් ඉල්ලීමක් කර සිටී.
මේ සම්බන්ධයෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සාමාන්‍යධිකාරී ඉංජිනේරු තිළිණ එස්. විජේතුංග මහතා නිවේදනයක් නිකුත් කරමින් මේ බව දන්වා සිටියි.
ඔහු පවසන්නේ මෙම අවස්ථාවේ පානීය ජල සැපයුම සීමාසහිත වන බැවින් එය සියලු දෙනාටම සමසේ බෙදා හැරිය යුතු හෙයින් වාහන සේදීම, ගෙවතු වගාව සහ බෝග වගාවන් ඇතුලු අත්‍යාවශ්‍ය නොවන කටයුතු වලට මෙම පිරිපහදු කරන ලද පානීය ජලය භාවිතා නොකරන ලෙසයි. බීමට සහ ඉවුම් පිවුම් කටයුතු වලට පමනක් භාවිතා කරන මෙන් මෙම නිවේදනය මඟින් කාරුණික ඉල්ලීමක් කර ඇත.
මෙම තත්වය මත පාරිභෝගික ජනතාවගේ පානීය ජල අවශ්‍යතාවයන් සපූරාලීමේදී උස් බිම් ප්‍රදේශවලට සහ සමහර ප්‍රදේශයන්හි ජල පාරිභෝගියන් වෙත ජලය බෙදාහැරිමෙදී අඩු පීඩන තත්වයන් උද්ගතවිය හැකි බව එම නිවේදනයේ දැක්වෙයි.