විෂ දුමක් ආග්රහණය වීමෙන් පානදුර ප්රධාන ප්රාථමික පාසලක සිසුන් හතලිහකට ආසන්න පිරිසක් අද (02දා) රෝහල් ගතකර ඇතැයි පානදුර දකුණ පොලිසිය පවසයි.
එම විදුහලේ 4 හා 5 ශ්ර්රේණියේ ඉගෙනුම ලබන සිසුන් 36 ක් මෙසේ රෝහල් ගතකර තිබේ.
ෙසිද්ධිය සැලවීමත් සමගින් දෙමාපියන් විශාල පිරිසක් පාසල වෙත පැමිණ සිය දරුවන් රැගෙන යාමට කටයුතු කල අතර , අසනීපව සිටි දරුවන් 1990 සහ පෞද්ගලික වාහන වලින් රෝහල්ගත කරන ලදී.ෙ
විදුහල පිටුපස යාබද නිවසක කුණු ගොඩක වයර් සහ ටයර් කිහිපයක් කිසියම් පුද්ගලයින් දෙදෙනෙකු විසින් පුළුස්සා ඇති බවට මෙතෙක් කල පරීක්ෂණ වලදී තහවුරුව ඇතැයි පොලිසිය සදහන් කරයි.
කසල ගොඩේ තිබී පිලිස්සී ගිය වයර් සහ ටයර් කැබලි කිහිපයක් හමුවී ඇති අතර , ප්රදේශයේ මත්කුඩු පානයට ඇබ්බැහිවූ පුද්ගලයින් දෙදෙනෙකු විසින් වයර් වල සහ ටයර්වල ඇති තඹ සහ කම්බි ලබාගැනීම සදහා වයර් සහ ටයර් පුලුස්සා ඇති බවට මෙතෙක් කල පරීක්ෂණ වලදී තහවුරුව ඇතැයි පොලිසිය කියයි .
කසල ගොඩට ගිනි තැබූ බව කියන පුද්ගලයින් දෙදෙනා ප්රදේශයෙන් පලාගොස් සිටින බවත් ඔවුන් සොයා පරීක්ෂණ සිදුකරන බවත් පොලිසිය කීය.
එයින් එක් සැකකරුවෙක් පාසලට ආසන්න කුලී නිවසක පදිංචිව සිටින අතර, ඔහුගේ බිරිඳ සහ එහි නේවාසිකව සිටින කාන්තාවක්ද, කසල ගොඩ තිබූ විදුහලට යාබද නිවසේ කාන්තාවන් තිදෙනෙක් ද ප්රශ්න කිරීම සඳහා භාරයට ගත්බව පොලිසිය පැවසීය.
පානදුර සුමිත් පොතුපිටිය