මිල්කෝ ආයතනයේ වත්මන් සභාපති ලසන්ත වික්‍රමසිංහ මහතා එම ධුරයෙන් ඉවත් කර ඇති බවට වාර්තා වෙයි. මේ පිළිබඳව අද පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ මිල්කේ සභාපතිවරයා සඳහන් කළේ මිල්කෝ ආයතනයට නව සභාපතිවරයෙක් පත්කර ඇති බවට තමන් දැනගත්තේද මාධ්‍ය හරහා බවයි.
පසුගිය වසර දෙක තුළ මිල්කෝ ආයතනය මිලියන 400 බැගින් ලාභ ලැබූ බවද ඔහු පැවැසීය. තමන් ධුරයෙන් ඉවත් කර ඇති බව ජනපතිවරයා නොදන්නා බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා තමන්ට පැවැසූ බවද ලසන්ත වික්‍රමසිංහ මහතා පැවැසීය.
"මට කිසිම දැනුම්දීමක් කරලා නැහැ. මමත් දැනගත්තේ මාධ්‍යයෙන්. නමුත් මටත් ආරංචි වුණා රේණුක පෙරේරා මහතාට ලිපියක් නිකුත්කරලා තියෙනවා කියලා. කෙසේනමුත් එතුමත් අපේ හිතවතෙක්. එතුමා මෙතනට වැඩ භාරගන්න තුරු ඒ රාජකාරී ධුරයේ ඉදිරියට කරගෙන යනවා.
ජනාධිපතිතුමා භාරදුන් වගකීම පසුගිය අවුරුදු දෙක තුළ නොපිරිහෙලා ඉටුකරන්න අපිට හැකියාව ලැබුණා. වසර දෙකක් තුළ වැහෙන්න ගිය ආයතනය ලාභ ලබන ආයතනයක් බවට පත්කරලා පසුගිය අවුරුද්දේත් මිලියන 400ක ලාභ ලබන ආයතනයක් බවට පත්වුණා. ඊට කලින් අවුරුද්දෙත් මිලියන 400ක ලාභ යක් ලැබුවා. පසුගිය වසරේදී දෙවතාවක් සේවකයන්ට පාරිතෝෂික ලබාදුන්නා"