පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ ඉල්ලීම අනුව පාර්ලිමේ්න්තුව විසුරුවාහැර මහ මැතිවරණයක් කැදවීමට පාකිස්තාන ජනපතිවරයා තීරණය කර තිබේ.
පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට එරෙහිිව ඉදිරිිපත්වූ විශ්වාසභංග යෝජනාවෙන් ඔහු පරාජයට පත්වීමට නියමිතව තිබීමත් සමග පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා ධුරයෙන් නෙරපා හැරීම වෙනුවට මැතිවරණයක් කැඳවීමට තීරණය ගෙන තිබේ.
ඉම්රාන්ඛාන්ට එරෙහිව ඉදිරිපත්වූ විිශ්වාසභංග යෝජනාව ඡන්දයකින් තොරව ඉවත දැමීමට නියෝජ්‍ය කථානායකවරයා තීරණය කිරීමත් සමග පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා නෙරපා දැමීමට තිබූ අවස්ථාව අහිමිිවිය.
ඉන් අනතුරුව ඉම්රාන් ඛාන් ජනපතිවරයාගෙන් ඉල්ලා තිබුණේ මහ මැතිිවරණයක් කැඳවන ලෙසයිි.
විශ්වාසභංග යෝජනාවෙන් ජයගැනීීමට නම් ඉම්රාන් ඛාන්ට පාර්ලිමේන්තුවේ ඡන්ද 172ක් අවශ්‍යව තිබුණි. කෙසේ වෙතත් එම ප්‍රමාණය ලබාගැනීීමට ඔහුට අවස්ථාවක් නොතිබුණි.
එරට ආර්ථිකයේ කඩා වැටීමට පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා වගකිවයුතු බව සඳහන් කරමිින් විිපක්ෂය විසිින් විශ්වාසභංගය ඉදිරිපත් කළ අතර එයට සහාය දැක්වීමට පාකිස්තාන ආණ්ඩුවේම කහිපදෙනෙක් අමාත්‍යධුරවලින් පවා ඉල්ලා අස්විය.