ප්රා ලේ කොට්ඨාස දෙකකට නාය යෑමේ රතු නිවේදන
පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්රික්ක දෙකක ප්රාදේශීය ලේකම් කොට්ඨාස දෙකකට ඉවත් වීමේ රතු නිවේදන ඇතුළු දිස්ත්රික්ක හයක ප්රාදේශීය ලේකම් කොට්ඨාස 16ක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීමේ පූර්ව නිවේදන නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අද (22) උදෑසන පියවර ගෙන තිබේ.
කෑගල්ල දිස්ත්රික්කයේ දෙහිඔීවිට හා රත්නපුර දිස්ත්රික්කයේ රත්නපුර යන ප්රාදේශීය ලේකම් කොට්ඨාස දෙක සඳහා ඉවත් වීමේ තුන් වන මට්ටමේ රතු නිවේදන නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.
එමෙන්ම කොළඹ දිස්ත්රික්කයේ සීතාවක, පාදුක්ක, ගම්පහ දිස්ත්රික්කයේ අත්තනගල්ල, කළුතර දිස්ත්රික්කයේ ඉංගිරිය, බුලත්සිංහල, කෑගල්ල දිස්ත්රික්කයේ රුවන්වැල්ල, රත්නපුර දිස්ත්රික්කයේ පැල්මඩුල්ල, කුරුවිට හා අයගම යන ප්රාදේශීය ලේකම් කොට්ඨාසය සඳහා අනතුරු ඇඟවීමේ දෙවන මට්ටමේ අවධානයෙන් සිටින ලෙස දැනුම්දීමේ නිවේදනය නිකුත් කොට තිබේ.
ඊට අමතරව කෑගල්ල දිස්ත්රික්කයේ යටියන්තොට, නුවරඑළිය දිස්ත්රික්කයේ අඹගමුව, රත්නපුර දිස්ත්රික්කයේ ඇහැලියගොඩ, නිවිතිගල හා කලවාන යන ප්රාදේශීය ලේකම් කොට්ඨාසයන් සඳහා නායයෑමේ පළමු මට්ටමේ විමසිලිමත්ව සිටින ලෙස දැනුම්දීමේ පූර්ව නායයෑමේ අනතුරු ඇගයීමේ නිවේදන නිකුත් කොට තිබේ.
මෙම නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන හෙට (23) දිනය දක්වා වලංගු වන බවත්, එම නිවේදන නිකුත් කොට ඇති ප්රාදේශීය ලේකම් කොට්ඨාසයන්ගේ පදිංචි ජනතාව මේ පිළිබඳව අවධානයෙන් සිටිය යුතු බවද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය වැඩිදුරටත් සඳහන් කරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

