ප්රා ලේ කොට්ඨාස 9ට නාය යෑමේ අනතුරු ඇඟවීම්
පවතින වැසි සහිත අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්රික්ක හයක ප්රාදේශීය ලේකම් කොට්ඨාස නවයක් සඳහා නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අද (20) උදෑසන පියවර ගෙන තිබේ.
ඒ අනුව නුවරඑළිය දිස්ත්රික්කයේ අඹගමුව ප්රාදේශීය ලේකම් කොට්ඨාසය සඳහා නායයෑමේ අනතුරු ඇඟවීමේ දෙවන මට්ටමේ අවධානයෙන් සිටිය යුතු නිවේදනය නිකුත් කොට ඇති අතර, ඊට අමතරව ගාල්ල දිස්ත්රික්කයේ නාගොඩ, කළුතර දිස්ත්රික්කයේ පාලින්දනුවර, මහනුවර දිස්ත්රික්කයේ පස්බාගේ කෝරලය, කෑගල්ල දිස්ත්රික්කයේ දැරණියගල, රත්නපුර දිස්ත්රික්කයේ පැල්මඩුල්ල, රත්නපුර, කුරුවිට හා නිවිතිගල යන ප්රාදේශීය ලේකම් කොට්ඨාසයන් සඳහා අනතුරු ඇඟවීමේ පළමු මට්ටමේ විමසිලිමත්ව සිටින ලෙස දැනුම්දීමේ නිවේදනය නිකුත් කොට තිබේ.
මෙම නිවේදනයන් හෙට (21) දින පෙරවරු 7.00 දක්වා වලංගු වන බවත්, නිවේදන නිකුත් කොට ඇති ප්රාදේශීය ලේකම් කොට්ඨාසයන්ගේ පදිංචි ජනතාව මේ පිළිබඳව වඩාත් අවධානයෙන් හා විමසිලිමත් ලෙස සිටින ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය වැඩිදුරටත් සඳහන් කරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

