ප්රා ලේ කොට්ඨාස 46ට නාය යෑමේ අනතුරු ඇඟවීම්
පවතින වැසි සහිත අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්රික්ක 10ක ප්රාදේශීය ලේකම් කොට්ඨාස 46ක් සඳහා නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අද (15) පස්වරුවේ පියවර ගෙන තිබේ.
ඒ අනුව නුවරඑළිය දිස්ත්රික්කයේ මතුරට, වලපනේ, හඟුරන්කෙත, නිල්දණ්ඩාහීන්න, රත්නපුර දිස්ත්රික්කයේ ඇලපාත, කෑගල්ල දිස්ත්රික්කයේ බුලත්කොහුපිටිය, අරනායක, මාවනැල්ල, කුරුණෑගල දිස්ත්රික්කයේ රිදීගම සහ මාතලේ දිස්ත්රික්කයේ රත්තොට යන ප්රාදේශීය ලේකම් කොට්ඨාසය සඳහා නායයෑමේ අනතුරු ඇඟවීමේ දෙවන මට්ටමේ අවධානයෙන් සිටිය යුතු නිවේදනය නිකුත් කිරීමට පියවර ගෙන තිබේ.
ඊට අමතරව ගම්පහ දිස්ත්රික්කයේ අත්තනගල්ල, හම්බන්තොට දිස්ත්රික්කයේ කටුවන, වලස්මුල්ල, කළුතර දිස්ත්රික්කයේ බුලත්සිංහල, පාලින්දනුවර, වලල්ලාවිට, දොඩන්ගොඩ, කෑගල්ල දිස්ත්රික්කයේ රුවන්වැල්ල, යටියන්තොට, කෑගල්ල, දෙහිඔීවිට, රඹුක්කන, වරකාපොල, මාතර දිස්ත්රික්කයේ පස්ගොඩ, අතුරලිය, මුලටියන, මහනුවර දිස්ත්රික්කයේ හතරලියද්ද, තුම්පනේ, පන්විල, උඩුනුවර, දෙල්තොට, යටිනුවර, මාතලේ දිස්ත්රික්කයේ අඹන්ගඟ කෝරලේ, උකුවෙල, මාතලේ, රත්නපුර දිස්ත්රික්කයේ කුරුවිට, අයගම, ඇහැලියගොඩ, වැලිගෙපොල, රත්නපුර, කලවාන, ඉඹුල්පෙ, නිවිතිගල, කොලොන්න, බලන්ගොඩ සහ කුරුණෑගල දිස්ත්රික්කයේ පොල්පිතිගම යන ප්රාදේශීය ලේකම් කොට්ඨාසයන් සඳහා අනතුරු ඇඟවීමේ පළමු මට්ටමේ විමසිලිමත්ව සිටින ලෙස දැනුම්දීමේ නිවේදනය නිකුත් කොට තිබේ.
මෙම නිවේදනයන් හෙට (16) දින පස්වරු 4.00 දක්වා වලංගු වන බවත්, නිවේදන නිකුත් කොට ඇති ප්රාදේශීය ලේකම් කොට්ඨාසයන්ගේ පදිංචි ජනතාව මේ පිළිබඳව වඩාත් අවධානයෙන් හා විමසිලිමත් ලෙස සිටින ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය වැඩිදුරටත් සඳහන් කරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

