ප්‍රසිද්ධ රංගන ශිල්පියෙක් ඇතුළු 4කට ගුටි වරුසාවක්
සාදයකට සහභාගී වී එමින් සිටි ප්‍රසිද්ධ රංගන ශිල්පීයකු ඇතුළු සිව්දෙනෙකු ගමන්ගත් සුඛෝපභෝගී මෝටර් රථයක අද (04) පස්වරුවේ යතුරු පැදියක් ගැටී ජාත්‍යන්තර පාසලක ඉංග්‍රීසි ගුරුවරියක් බරපතළ තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි කළුතර උතුර පොලීසිය පවසයි.
මෙහිදී රෝහල් ගතකර ඇත්තේ කළුතර උතුර, දෙදියවල ප්‍රදේශයේ පදිංචි ජාත්‍යන්තර පාසලක ඉංග්‍රීසි ගුරුවරියක් බව පොලිසිය කීය .
ප්‍රසිද්ධ නළුවා තවත් මිතුරන් සිව්දෙනෙකු සමග සාදයකට සහභාගි වී මෝටර් රථයෙන් කළුතර දෙස සිට වාද්දුව දෙසට එමින් සිටියදී, මාර්ගයේ දකුණු පසට හැරවීමට සංඥා දල්වමින් තිබූ යතුරුපැදියක ගැටීමෙන් පසු ගුරුවරිය මීටර් දහයක් පමණ ඈතට විසිවී ඇතැයි පැවසේ.
ප්‍රදේශවාසීන් එක්ව මහා මාර්ගයේ ඇදවැටී විලාප නගමින් සිටි ගුරුවරිය ත්‍රීරෝද රථයක නංවා නාගොඩ රෝහලට යොමු කර ඇති අතර, ඇය අද දිනම ශල්‍යකර්මයක් සදහා යොමු කිරීමට නියමිත බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.
රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු මත්පැන් පානය කර ඇති බවට සිදුකළ පරීක්ෂණයේදී තහවුරු ඇතැයි පොලිසිය කීය.
බීමත්ව සිටී පිරිස සමග ප්‍රදේශවාසීන් උණුසුම් වචන හුවමාරුවක් සිදුව ඇතිව ඇති බවත්, එය පසුව ගුටි කෙළියක් දක්වා ව්‍යාප්ත වී ඇති බවත් සිද්ධිය ඇසින් දුටුවන් පැවසීය. ගුටි කෙළිය අතරතුර උණුසුම් වචන පාවිච්චි කල ප්‍රවීන රංගන ශිල්පීයා දැඩි ප්‍රහාරයකට ලක්ව ඇතැයිද පැවසේ.

popular news
-
Dammi Wednesday, 09 March 2022 11:09 AM
Very good
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

