ප්‍රසම්පාදනයකින් තොරව රියදුරු බලපත්‍ර මුද්‍රණය තනි සමාගමකට දීමෙන් රු. කෝටි 13ක පාඩුවක්
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරිම සදහා කිසිදු ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව එක් පුද්ගලික සමාගමක් වෙත පමණක් පැවරිම හේතුවෙන් රජයට මාස දහයක් තුල රුපියල් දහතුන්කෝටි, හතලිස්පන්ලක්ෂ, හැටඅටදහස්, අටසිය පනස්පහක (134,568,855) පාඩුවක් සිදුකොට ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක් මගින් අනාවරණය වි ඇත.
2023 වර්ෂයේ සැප්තැම්බර් 15 වැනිදින සිට 2024 වර්ෂයේ ජුලි මස දක්වා කාලය තුල මුද්‍රණය කරණු ලැබු රියදුරු කාඩ්පත් පන්ලක්ෂ,හත්දහස් අටසියහතක් (507,807) සදහා එක් කාඩ්පතකට රුපියල් 265ක මුදලක් වැඩිපුර ගෙවා ඇති බවද විගණන වාර්තාවේ සදහන් වේ. රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරිම සදහා ශ්‍රිලංකා යුද්ධ හමුදාව විසින් 2022 වර්ෂයේ කඩිපතක් සදහා අයකොට ඇත්තේ රුපියල් 311ක මුදලකි. එහෙත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් එක් පුද්ගලික සමාගමකින් පමණක් මිල ගණන් කැදවා එක් කාඩ්පතකට රුපියල් 576ක මුදලක් ගෙවිමට සහ මුද්‍රණ පිරිවැය ගෙවිමට ගිවිසුම්ගත විම හේතුවෙන් රජයට කෝටි දහතුනකට අධික පාඩුවක් සිදුකොට තිබුණි.
රජයට පාඩුවක් සිදුකළ පාර්ශවයන්ට එරෙහිව ආයතන සංග්‍රහයේ විධිවිධාන සහ සිවිල් නිති රෙගුලාසි අනුව කටයුතු කළයුතු බවට විගණනය මගින් නිර්දේශකොට ඇත.
රටේ පැවති ආර්ථික අර්බුදය හා ආනයන සිමා හමුවේ රියදුරු බලපත්‍ර විශාල ප්‍රමාණයක් මුද්‍රණය කිරිමට ගොඩගැසි තිබු බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ගණන්දිමේ නිලධාරිවරයා මේ පිළිබද විගණනයට සදහන් කොට ඇත. රියදුරු බලපත්‍ර කඩිනමින් මහජනතාව වෙත නිකුත් කිරිම රජයේ අවශ්‍යතාවය නිසා අමාත්‍ය මණ්ඩල තිරණයකට අනුව රියදුරු බලපත්‍ර කාඩ්පත් මුද්‍රණය පුද්ගලික සමාගමකට ලබා දුන් බවද ගණන්දිමේ නිලධාරිවරයා විගණනයට සදහන්කොට ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

