ප්‍රවාහන අමාත්‍යාංශ සේවක වැටුපෙන් කොටසක් කොවිඩ් අරමුදලට
ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම්වරුන් හා මාණ්ඩලික ශ්‍රේණියේ නිලධාරින් මෙන්ම අනෙකුත් සියලුම සේවක මණ්ඩල විසින් තම වැටුපෙන් කොටසක් පියවර කිහිපයක් යටතේ ජනාධිපතිතුමන් විසින් ආරම්භ කළ කොවිඩ් 19 අරමුදලට පරිත්‍යාග කිරීමට පියවර ගෙන තිබේ.
ඒ අනුව සාමාන්‍ය සේවකයින් දිනෙක වැටුප ද, මාණ්ඩලික ශ්‍රේණියේ නිලධාරින් දින දෙකක වැටුප ද, අතිරේක ලේකම්වරුන් විසින් දින තුනක වැටුප හා ලේකම් හා රාජ්‍ය ලේකම් විසින් සති දෙකක වැටුප ද කොවිඩ් 19 අරමුලට පරිත්‍යාග කිරීමට නියමිතය.
ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් තම මැයි මාසයේ වැටුප ඊයේ (20) ජනාධිපතිතුමන් වෙත එම අරමුදල සඳහා බාර දුන්නේය. ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශයේ සේවක මණ්ඩලවලින් සියයට සියයක්ම තම වැටුපෙන් කොටසක් පරිත්‍යාග කිරීමට එකගත්වය පළ කළ බව අමාත්‍යාංශයේ ලේකම් ගාමිණී සෙනවිරත්න මහතා පවසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
