රට බංකොලොත් භාවයට පත්ව ඇති අවස්ථාවක ප්‍රමුඛතාවය ලබාදිය යුත්තේ ඉන් මිදීමට මිස මැතිවරණ පැවැත්වීමට නොවන බවත් මේ මොහොතේ මැතිවරණයක් පැවැත්වුවහොත් කොපමණ ප්‍රතිශතයක් ඡන්දය පාවිච්චි කරයිද යන සැකය මතුවී තිබෙන බව එජාප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසයි.
මල්වතු අස්ගිරි උභය මහා විහාරීය මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා දෙනම බැහැදැක ආශිර්වාද ලබාගැනීමෙන් පසු ඊයේ ඊයේ (14) මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඒ මහතා ඒ බව අවධාරණය කළේය.
මැතිවරණය ප්‍රකාශයට පත්කර තිබෙන නමුත් මහජනතාව ඒ සඳහා කෙතරම් සූදානම් ද යන ප්රශ්නය තිබෙන බවත් පෙට්‍රල්, ඩීසල්, ගෑස්, භූමිතෙල් මිල ගණන් ඉහළ ගොස් බදු බර වැඩි වී තිබෙන අවස්ථාවක ජනතාව කල්පනා කරන්නේ බදු බර අඩු අඩුවි යම් සහනයක් ලැබේ ද යන්න මිසක් මැතිවරණයක් නොවන බවද මන්ත්‍රීවරයා අවධාරණය කළේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන 2.9 ක් මේ මොහොතේ අපේක්ෂා කරන නමුත් පසුගිය 88 - 89 සමයේ පොදු දේපලවලට හානි කර සිදුවූ අලාභය රුපියල් ට්‍රිලියන දෙක තුනක් බවත් ඊට දායකත්වය සැපයූ අය දේශපාලනයේ සිටින බව අමතක නොකළ යුතු යැයිද මන්ත්‍රීවරයා පැවසීය.
දහතුන් වැනි ව්‍යවස්ථා සංශෝධනයට මුවාවී 87 - 88 සමයේ දේශපාලනඥයින් භෞතිකය මහා සංඝරත්නය ඇතුළු දහස් ගනනක් මරා දැමුණ ලැබූ බවත් බස්රථ දුම්රිය ස්ථාන ගොවිජන සේවා දෙපාර්තමේන්තුව ඇතුළු පොදු දේපල ගිනි තබා විනාශ කළ බව කී ඒ මහතා මින් සිදු වූ පාඩුව රුපියල් ට්‍රිලියන ගණනක් බව ද අවධාරණය කළේය. මේ විනාශයට මුල් පිරිස පසුව පළාත් සභා ක්‍රමය පිළිගත්තද එදා ඒ විනාශ වූ ජීවිත හා දේපල වලට වන්දි ගෙවීමට නොහැකි වූයේ යැයිද මේ ගැන මෙරට ජනතාව ආපසු හැරී බැලීමක් කළ යුතු බව ද පැවසීය.
ෂේන් සෙනෙවිරත්න