රටේ මහත් ආනදෝලනයට තුඩු දී ඇති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් නිශ්පාදනය කළැයි කියන ‘අයුසුලේට් බයෝටෙක් ෆාර්මා’ සමාගමේ සීදුවේ පිහිටි පරික්‍ෂාණාගාරය විශේඥවරු කණ්ඩායමක්ගේ පරික්ෂාවට අද (08) ලක් කෙරිණී.
රජයේ රෝහල්වලට බෙදා හැර ඇති ස්නායු රෝගී්න් සඳහා භාවිතා කරන ‘ඉමියුනෝග්ලෝබින්” නමැති ප්‍රතිදේහ එන්නත් මෙන්ම පිළිකා රෝගීන් සඳහා භාවිතා කරන ප්‍රතිදේහ එන්නත්ද ප්‍රමිතියෙන් තොර බව අනාවරණය වී ඇති හෙයින් ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් නිශ්පාදනය කළැයි කියන පරික්‍ෂාණාගාරය විශේඥවරු කණ්ඩායමක්ගේ පරික්ෂාවට ලක් කිරීමට අවසරර දෙන්නැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය කළ ඉල්ලීමකට අවසර හිමිවීම නිසා අදාළ එන්නත් නිශ්පාදනය කළැයි කියන පරික්‍ෂාණාගාරය මෙලෙස විශේඥවරු කණ්ඩායමක්ගේ පරික්ෂාවට ලක් කෙරිණී.
මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මිය නිකුත් කළ සෝදිසි වරෙන්තුවකට අනුව රද්දොලුගම සීදුවේ පිහිටි අදාළ ස්ථානය විශේඥවරු කණ්ඩායම පරීක්ෂාවට ලක් කරන ලද්දේ ‘අයුසුලේට් බයෝටෙක් ෆාර්මා’ සමාගමේ හිමිකරුු වන සැකකාර සුගත් ජනක ප්‍රනාන්දු නමැත්තා ඉදිරිපිටිදීය.
ජාතික ඹෟෂධ නියාමන අධිකාරියේ විශේඥ වෛද්‍යවරු, පොලිස් අපරාධ ස්ථානීය පරීක්ෂණ නිලධාරීන්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවේ විමර්ශන නිලධාරීන් ඇතුළු විශේඥවරු කණ්ඩායමක් මෙලෙස එන්නත් නිශ්පාදනය කළැයි කියන පරික්‍ෂාණාගාරය සෝදිසියකට ලක් කෙරිණී.
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් නිශ්පාදනය කළැයි කියන පරික්‍ෂාණාගාරය විශේඥවරු කණ්ඩායමකගේ සෝදිසියකට ලක් කෙරෙන අවස්ථාවේදී බන්ධනාගාර නිලධාරීන් විසින් ‘අයුසුලේට් බයෝටෙක් ෆාර්මා’ සමාගමේ හිමිකරුු වන සැකකාර සුගත් ජනක ප්‍රනාන්දු නමැත්තා රද්දොලුගම සීදුවේ පිහිටි අදාළ ස්ථානයට කැඳවාගෙන එන ලද.
මීට පෙර අවස්ථාවක අධිකරණයෙන් කරන ලද නියෝගයකට අනුව අදාළ ස්ථානයට මුද්‍රා තබා විශේෂ පොලිස් ආරක්ෂාවක්ද ලබා දී තිබිණී.
ස්නායු රෝගී්න් සඳහා භාවිතා කරන ‘ඉමියුනෝග්ලෝබින්” නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචා කිරීම සහ රෝගී ජීවීත අනාරක්ෂිත තත්වයකට පත් කිරීම සම්බන්ධයෙන් විමර්ශන කරද්දී ගුද මාර්ගයේ, මහ බඩවැලේ, පියයුරු, පෙනහළු, පොස්පෙට් ග්‍රන්ථිය. ආමාශය ආශිත පිළිකා රෝගී්න් සඳහා මෙන්ම ඇසේ දෘෂ්ඨි විතානය පැහැදිලි කිරිම සඳහා භාවිතා කරන ඖෂඹ මෙන්ම රුධිරය කැටි ගැසීමේ රෝගීන්ට දෙනු ලබන ඖෂධද ප්‍රමිතියෙන් තොර බව අනාවරණය වී ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය මීට පෙර අවස්ථාවක දැනුම් දී තිබිණී.
අදාළ ප්‍රතිදේහ එන්නත් නිශ්පාදනයය කළැයි කියන සුගත් ජනක ප්‍රනාන්දු නමැත්තාට අයත් සීදුවේ පිහිටි පරික්‍ෂාණාගාරය පරීක්ෂා කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කළ මීට පෙර අධිකරණය කළ නියෝගයකට අනුව එම ස්ථානය පරීක්ෂා කිරීමට ගියත් එහි විදුලිය විසන්දි කර තිබීම හේතූවෙන් නිසි අන්දමට එම ස්ථානයය පරීක්ෂා කිරීමට නොහැකි විය.
ඉන් අනතුරුව අධිකරණයෙන් දුන් අනුමැතියකට අනුව අදාළ ස්ථානය යළි පරීක්ෂා කිරීමට දුන් අනුමැතියකට අනුව මෙලෙස අදාළ ස්ථානය පරීක්ෂා කරන ලදී.