පේරාදෙණිය පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කල ප්රධාන පොලිස් පරික්ෂයෙකුගේ ඇගිල්ල සහ මුහුණ සපා කෑ කාන්තාවක් සහ තවත් අයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මේසේ අනතුරට මුහුන පා ඇත්තේ පේරාදෙණිය පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කල ප්රධාන පොලිස් පරීක්ෂක සරත් විජේසිංහ මහතාය.
පේරාදෙණිය ඇසළ මේලා සැණකෙළියේ රාජකාරී කරමින් සිටි මෙම පොලිස් පරික්ෂක වරයාට කාන්තාවක් ඇතුළු පිරිසක් පහරදී ඇත.
මෙම සිද්ධිය ඊයේ (06) රාත්රී 12.25 ට පමණ සිදුව තිබෙන අතර පොලීසිය විසින් එම අවස්ථාවේදීම කාන්තාව සමඟ තවත් අයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
ඇසළ මේලා සැනකෙලියේදි මෙම බීමත්ව පැමිණ කළහකාරී ලෙස හැසිරුණු කණ්ඩායමක සිටි කාන්තාව සහ තවත් අයෙකු මෙම පහරදීම සහ සපාකෑම සිදුකර තිබෙන බව අනාවරණය වී ඇති අතර කාන්තාව විසින් සපා කා සිදුකර පහර දීමෙන් පසු ප්රධාන පොලිස් පරීක්ෂකවරයා ප්රතිකාර සඳහා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
කාන්තාව විසින් පොලිස් නිලධාරියාගේ අතේ මහපට ඇඟිල්ල සපා කෑම නිසා මහනුවර ජාතික රෝහලේදී ඔහුගේ ඇඟිල්ලට මැහුම් දෙකක් දමා තිබේ.
සැකකරුවන් මහනුවර ඔගස්ටාවත්ත ප්රදේශයේ පදිංචිකරුවන් බව පොලීසීය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලීසිය පරීක්ෂණ පවත්වයි.