දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි හෝ ගිගුරුම් වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
නිරිත දිග බෙංගාල බොක්ක සහ ඊට යාබද ගිණිකොන දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව පවතින අඩු පීඩන කලාපය තවදුරටත් ස්ථානගතව පවතිනින අතර එම පද්ධතිය තවදුරටත් වර්ධනය වෙමින් බස්නාහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් ඉදිරි දින කිහිපයේදී නැගෙනහිර වෙරළ දෙසට ගමන් කරනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සිය නිවේදනයෙහි දක්වා තිබේ.
මේ අනුව අද (02) රාත්‍රියේ සිය 04 වැනි දින දක්වා උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් වැසි තත්ත්යක් අපේක්ෂා කල හැකි බවද එම නිවේදනයේ දැක්වෙයි.
එමෙන්ම නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල අහස වලාකුලින් බරව පවතින අතර නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි අතර ඇතැම් ස්ථාන වල මි.මී 75ට වැඩි තරමක තද වැසිද අපේකෂා කල හැකි බවද ඔවුන් දන්වා සිටියි.
තවද උතුරු පළාතේත් මහනුවර, හම්බන්තොට සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවෙන බවත් සබරගමුව පළාතේත් ගාල්ල, මාතර සහ කලුතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රි කාලයේදී ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් වැසි ඇතිවිය හැකි බවද සඳහන්.
එමෙන්ම උතුර, උතුරුමැද, නැගෙනහිර, වයඹ සහ ඌව පළාත්වලත් මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් සුළගේ වේගය පැයට කි.මී 40-50ත් දක්වා වැඩිවිය හැකි බවද ඔවුන් සිය නිවේදනය මගින් දන්වා සිටියි.