නාරාහේන්පිට ප්‍රදේශයේ ප්රදර්ශනාගාරයක් බිඳ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න වටිනා ලැප්ටොප් පරිගණක ඇතුළු දේපල තොගයක් සොරාගත් පුද්ගලයෙකු අද (9දා) අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසයි.
සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ විහාර මහා දේවී උද්‍යානයේ පොලිස් මුරපොල ආසන්නයේ රැඳී සිටියදී ය.
සැකකාර පුද්ගලයා ප්‍රදර්ශනාගාරය බිඳ ලැප්ටොප් පරිගණක,අයි පෝන්,උසස් මාධ්‍යයේ ජංගම දුරකථන,ටැබ් යන්ත්‍ර සොරා ගෙන තිබූ බව පොලිසිය කියයි.
සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී කිරීමේදී අනාවරණය වූ තොරතුරු අනුව සොරා ගත් එම සියලුම දේපල සැකකරු කුරුඳුවත්ත තුරඟ තරග පිටියේ වසා තිබෙන දෙමහල් ගොඩනැගිල්ලක ඉහළ මහලේ වහලය සහ සිවිලිම අතර කොටසේ සඟවා තිබියදී සොයාගෙන ඇත.
ඉකුත් දෙවෙනි දින සැකකාර පුද්ගලයා ප්‍රදර්ශනාගාරයේ ඉදිරිපස වීදුරුව බිඳ සොරාගත් එම දේපල මාර්ගය පසෙක ගාල් කර තිබූ කැලිකසල ප්‍රවාහනය කරන කරත්තයක පටවා කුරුඳුවත්ත තුරග තරග පිටිය වෙත රැගෙනවිත් එහි වසා තිබූ දෙමහල් ගොඩනැගිල්ලක් තුල සඟවා තිබූ බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ ප්‍රදේශයේ රැඳී සිටිමින් මීට පෙර සොරකම් 18 කට සම්බන්ධ පුද්ගලයෙක් බවත් පොලිසිය පවසයි.
වයස අවුරුදු 37 ක් වන සැකකරු තදින් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුවකු. වන අතර වැලිගම පදිංචිකරුවෙක් බවත් පොලිසිය කියයි.
සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇන්සලම් ද සිල්වා මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ.