නව රජයේ සෞඛ්‍ය ප්‍රතිපත්තිය යටතේ දිවයින පුරා ප්‍රාථමික සෞඛ්‍ය සත්කාර මධ්‍යස්ථාන දහසක් පළමු අදියර යටතේ පිහිටුවීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ උපදෙස් හා මඟපෙන්වීම අනුව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මේ වන විට සැලසුම් කර ඇත.
එම ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන ව්‍යාපෘතියේ පළමු මධ්‍යස්ථානය ලෙස ගාල්ල දිස්ත්‍රික්කයේ, මාපලගම ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථානය ජනතා අයිතියට පත් කිරීම ඊයේ (26) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ.
මෙහි දී පළමු සේවාලාභියා ලියාපදිංචිය ද සහ ලියාපදිංචිය සහිත කාඩ්පත ලබාදීම අමාත්‍යවරයා අතින් සිදුවිය.
මෙම මධ්‍යස්ථානය මඟින් මාපලගම, තල්ගස්වල, ගෝනලගොඩ සහ ගෝනලගොඩ නැගෙනහිර යන ග්‍රාමනිලධාරී වසම්වල ජීවත්වන පන්දහසකට ආසන්න ජනතාවකට සුව සේවාවන් සැපයෙනු ඇත.
මෙරට සෞඛ්‍ය සේවාව වෙනස් කරන වැදගත් පියවරක්, දැවැන්ත පෙරළියක ආරම්භය අද දින සනිටුහන් කරන බවත්, වර්තමානයේ මෙන්ම ඉදිරි වසර 10 කට 15 කට පසු මුහුණ දෙන අභියෝගවලට මුහුණ දෙන ආකාරය අද දින සැලසුම් කෙරෙන බවද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහිදී පැවැසීය.
ජනතාවගේ සුවතාවය සෞඛ්‍ය කාර්ය මණ්ඩල භාරගන්නා සේම ජනතාවට වගකියන සෞඛ්‍ය සේවාවක් මෙරට ස්ථාපිත කරන බව ද පෙන්වා දුන් අමාත්‍යවරයා ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්රය ද මෙම මධ්‍යස්ථාන හා සම්බන්ධ කරමින් සෞඛ්‍ය ක්‍රියාකාරකම් රැසක් මේ හරහා ආරම්භ කරන බව ද අමාත්‍ය්‍යවරයා පැවසීය.
මෙම සෞඛ්‍ය සේවාවේ අභියෝග ජය ගැනීමට ජනතාව ඇතුළු සියළු ප්‍රජාවගේ සහයෝගය අත්‍යාවශ්‍ය බව ද පෙන්වා දුන් අමාත්‍යවරයා මෙම මධ්‍යස්ථාන සඳහා අවශ්‍ය කාර්ය මණ්ඩල ද ලබාදෙමින් නව ක්‍රමවේදයක් ඔස්සේ ජනතාවට පහසුවෙන් සෞඛ්‍ය සේවා ලබාදීමට කටයුතු කරන බවද වැඩිදුරටත් පැවසීය.
මෙම "ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන" තුළ බෝ නොවන රෝග සදහා ප්‍රතිකාර සහ උපදේශන සේවා, මූලික ශල්‍ය වෛද්‍ය ප්‍රතිකාර, වැඩිහිටි සත්කාර, පුනරුත්ථාපන සත්කාර, සහන සත්කාර, ප්‍රාථමික අක්ෂි සත්කාර, මුඛ සෞඛ්‍ය සත්කාර, මානසික සෞඛ්‍ය සත්කාර සහ උපදේශන සේවා පෝෂණ සත්කාර සහ උපදේශන සේවා, මධ්‍යසාර පුනරුත්ථාපන සේවා මෙන්ම උපදේශන, තරුණ හා යොවුන් සත්කාර සේවා, තෝරාගත් රසායණාගාර පරීක්ෂණ, ප්‍රජා බල ගැන්වීම ඇතුළුව ප්‍රාථමික සෞඛ්‍ය සත්කාර සේවා රාශියක් ක්‍රියාත්මක කිරීමට නියමිත ය.
මෙම සෑම මධ්‍යස්ථානයකට ම පවුලේ වෛද්‍යවරයෙක්, ප්‍රජා සෞඛ්‍ය හෙද නිලධාරිනියක් ඇතුළු සෞඛ්‍ය කණ්ඩායමක් සහ සම්බන්ධීකරණ නිලධාරියෙක් අනුයුක්ත කිරීමට නියමිත ය. එමෙන් ම ප්‍රජා සහභාගීත්වය සහ ප්‍රජා සංවිධාන මුලික කර ගනිමින් දියුණු කිරීමට අපේක්ෂිත මෙම මධ්‍යස්ථාන තුළින් එම ප්‍රදේශයටන්ට සහ එම ප්‍රදේශවල ජීවත්වන ජනතාවට ආවේණික හා හදිසි තත්ත්වයන් ආශ්‍රිතව මතුවන සෞඛ්‍ය ගැටළු නිරාකරණය කිරීමේ ක්‍රමවේදයන් ද ස්ථාපිත කිරීමට යෝජිත ය. විශේෂයෙන් ම මහජනතාව සෞඛ්‍ය පිළිබඳව සවිබල ගැන්වීම ද මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණක් වේ.
මෙම නියමු ව්‍යාපෘතිය යටතේ මෙම මස 26,27,29 සහ ඔක්තෝබර් 02 යන දිනයන්හි දී ගාල්ල, රත්නපුර, කළුතර, මහනුවර සහ මාතලේ යන දිස්ත්‍රික්ක පහ ආවරණය වන පරිදි ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන පහක් ජනතා අයිතියට පත් කිරීමට නියමිත ය.


