ප්‍රංශ සරණාගත භාවය ගන්න රීයුනියන් වෙත ගිය අය පිටුවහල් කරති
ප්‍රංශයේ සරණාගත පුරවැසිභාවය ලබා ගැනීම සදහා , ප්‍රංශයට අයත් " රීයුනියන් " ( Reunion ) දූපත වෙත නීතිවිරෝධී ලෙස ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 07 දෙනෙකු එරටින් පිටුවහල් කර ඊයේ පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණි.
මොවුන් මඩකලපුව සහ පුත්තලම ප්‍රදේශ වල පදිංචිකරුවන් වන අතර ඔවුන් අතරින් 06 දෙනෙකු ද්‍රවිඩ ජාතිකයන් වන අතර ඉතිරි පුද්ගලයා සිංහල ජාතිකයෙකි.
මොවුන් අතරින් 04 දෙනෙකු , එක් අයෙකු රුපියල් ලක්ෂ 03 බැගින් ජාවාරම්කරුවන් වෙත ලබා දී , ශ්‍රී ලංකාවේ සිට බෝට්ටු මගින් රීයුනියන් දූපත වෙත ගොස් තිබේ.
ඉතිරි තිදෙනා රුපියල් ලක්ෂ 04 ක් , ඇමෙරිකානු ඩොලර් 1,500 ක් සහ ඇමෙරිකානු ඩොලර් 2,000 ක් බැගින් ජාවාරම්කරුවන් වෙත ලබා දී කටුනායක සිට ගුවන් මගින් ඉන්දුනීසියාව වෙත ගොස් එතැන් සිට බෝට්ටු මගින් සාගරය තරණය කර රීයුනියන් දූපත වෙත ගොස් තිබේ .
රීයුනියන් දූපත අප්‍රිකානු මහාද්වීපයට සමීප මැඩගස්කර් දූපත ආසන්නයේ පිහිටි ප්‍රංශය විසින් පාලනය කරනු ලබන දූපතකි. එම දූපත වෙත ගොස් රැදී සිටින පුද්ගලයන්ට සරණාගතයන් සේ සළකා පසුව ඔවුන්ට ප්‍රංශයේ පුරවැසිභාවය ලබා දීම සිදු කළහොත්, එසේ පුරවැසිභාවය ලබා ගැනීම මොවුන්ගේ අරමුණ වී තිබේ .
මෙම ශ්‍රී ලාංකිකයන් 07 දෙනා 09/18 දින පස්වරු 01.20 ට රීයුනියන් දූපතේ සිට එයා ෂීෂෙල්ස් ගුවන් සේවයේ එච්.එම්.- 9804 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණි .
එහිදී මෙම පිරිස ආගමන විගමන නිලධාරීන් විසින් භාර ගැනීමෙන් පසුව මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනුබද්ධිත තැනැත්තන් වෙළෙඳාම සහ අනවසර සංක්‍රමණ පිළිබඳ අංශයේ නිලධාරීන් වෙත භාර දී තිබේ .
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

