පළාත් සභා ඡන්ද එකම දිනකදි පවත්වනවා - වජිර
" පසුගිය පාලන කාලවල දී රාජ්‍ය බලය යොදා මැතිවරණ ජයග්‍රහණය කිරීමේ අරමුණින් වරින් වර එක් එක් පළාත් සභාව වෙනුවෙන් මැතිවරණ පැවැත්වීමේ ක්‍රමවේදය වෙනස් කරලා හැකි ඉක්මනින් යොදා ගන්නා දිනයක එකවර සියලුම පළාත් සභාවල මැතිවරණය පැවැත්වීමට කටයුතු කරනවා " යැයි අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (21) අමාත්‍යාංශයේ රාජකාරී ආරම්භ කිරීමෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.
එහි දී අමාත්‍යවරයා මෙසේ ද කීවේය.
'' පසුගිය දින 52ක කාලයේ සිදුවූ අවාසනාවන්ත තත්ත්වය නිසා රට අවුරුදු ගණනකින් ආපස්සට ගියා. රාජ්‍ය සේවය බිඳ වැටුණා. ඇතැම් අවස්ථාවල දී රජයේ නිලධාරීන්ට තමන් රාජකාරී කළ යුතු වෙන්නේ කාගේ අණ අනුව ද යන්න පවා අපහැදිලි තත්ත්වක් මතුවුණා. මේ නිසා රාජ්‍ය සේවයත්, සංචාරක කර්මාන්තය, රටේ ආර්ථිකය, විදේශ රටවල විශ්වාසය ආදී සියල්ල බිඳ වැටුණා. මේ තත්ත්වය හැකි ඉක්මනින් නතර කළ යුතුයි. දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල අතපසු වූ ව්‍යාපෘතීන් රැසක් තිබෙනවා. මේවා කඩිනමින් යළි ආරම්භ කරලා පවත්වාගෙන යා යුතුයි. " යනුවෙන් ඔහු පැවසීය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
